header logo

Daily Exchange Rates

Nov 26, 2026
Corporate News
කාගිල්ස්, Clean Ocean Force Lanka සමඟ සහයෝගීතාවයෙන් කාක දූපත වෙරළ තීරය රැකබලා ගැනීමට ඉදිරිපත් වෙයි
කාගිල්ස්, Clean Ocean Force Lanka සමඟ සහයෝගීතාවයෙන් කාක දූපත වෙරළ තීරය රැකබලා ගැනීමට ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාවේ වෙරළ පද්ධතිය තිරසාර ලෙස සංරක්ෂණය කිරීමේ අරමුණින්, කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගම සිය KIST සහ Knuckles සන්නාම හරහා Clean Ocean Force Lanka (COF) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙමගින් වසරක කාලයක් සඳහා මෝදර කාක දූපත වෙරළ තීරය රැකබලාගැනීමේ වගකීම කාගිල්ස් සමාගම භාරගෙන ඇත.

මෙම සුවිශේෂී වැඩසටහන යටතේ වෙරළ තීරයේ සහ ඒ අවට ඇති ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ පරිසරය සුරැකීමට පියවර ගනු ලැබේ. වෙරළ තීරය දිනපතා පිරිසිදුව පවත්වා ගැනීම සඳහා වෙරළ භාරකරුවන්ගේ සහාය ලබා ගන්නා අතර, එමගින් ඔවුන්ට ස්ථාවර ආදායම් මාර්ග උදාකර දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමට ද කටයුතු කෙරෙනු ඇත.

මෙම සහයෝගීතාවය සනිටුහන් කරමින් සහ ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනය වෙනුවෙන් කාක දූපත වෙරළ තීරයේ ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ඒ සඳහා කාගිල්ස් ස්වේච්ඡා කණ්ඩායම, Clean Ocean Force Lanka, කොළඹ ඉන්ටරැක්ට් සමාජය, කොළඹ මහා නගර සභාව සහ COF හි මීගමුව කාන්තා බලකාය (ශ්‍රී විමුක්ති සංගමය) සහභාගී වූ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, පළාත් පාලන හා පරිසර අමාත්‍යාංශය සහ කාක දූපත වෙරළ උද්‍යාන සමිතිය ද මේ සඳහා සිය සහයෝගය ලබා දුන්හ. Clean Ocean Force Lanka හි සභාපති සහ සම නිර්මාතෘ ජෙරොම් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”සාගර සහ වෙරළ සංරක්ෂණය සඳහා එක්සත් පෙරමුණක් අවශ්‍යයි. අපගේ සුවිශේෂී රාජ්‍ය-පෞද්ගලික-ජනතා හවුල්කාරිත්ව ආකෘතිය අපගේ මෙහෙයුමේ මූලික පදනම වන අතර, ඉදිරි වසරක කාලය සඳහා කාක දූපත වෙරළ තීරය රැකබලාගැනීමේ වගකීම භාරගනිමින් මෙම ගමනට වැදගත් හවුල්කරුවෙකු ලෙස එක්වන කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පිළිගැනීමට ලැබීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය හරහා අපගේ වෙරළ තීරයන්ගෙන් ප්ලාස්ටික් සහ අනෙක් අපද්‍රව්‍ය ඉවත් කිරීමට දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් වනවා පමණක් නොව, තිරසාර ජීවනෝපාය අවස්ථා නිර්මාණය කරමින් අඩු වරප්‍රසාදිත ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා අප සතු කැපවීම ද තහවුරු කරනවා. පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සතු කැපවීම අපගේ දැක්ම සමඟ මනාව ගැලපෙනවා."

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. ”සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිරන්තරයෙන්ම සාගර සහ වෙරළ සංරක්ෂණය මෙන්ම දූෂණය පාලනය කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය දිරිමත් කරනවා. අපගේ එම උත්සාහය 'වෙරළ භාරකරු’ වැඩසටහන සමඟ සමීපව සම්බන්ධ වෙනවා. Clean Ocean Force Lanka සමඟ අප පවත්වාගෙන යන දීර්ඝකාලීන හවුල්කාරිත්වය හරහා කාක දූපත වෙරළ තීරය රැකබලා ගැනීම සඳහා කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.”

මෙම උත්සවය අතරතුරදී, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ප්‍රයත්නයන්ට සහාය වීම අරමුණු කරගත් ඇසුරුම්කරණ නවෝත්පාදනයක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බෝතලයට සම්බන්ධ කරන ලද මූඩියක් Knuckles සන්නාමය විසින් එළිදැක්වීම ද සිදුකරන ලදී. මෙම මූඩිය බෝතලය විවෘත කිරීමෙන් පසුව ද බෝතලයටම සම්බන්ධ වී පවතින පරිදි නිර්මාණය කර ඇති අතර, එමගින් මූඩිය වෙනම බැහැර කිරීමට ඇති ඉඩකඩ අවම කරයි. බෝතල් මූඩි යනු, ලොව පුරා බහුලවම දක්නට ලැබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යයක් වන අතර, ප්‍රමාණයෙන් කුඩා වීම සහ එකතු කිරීමේ අනුපාතය අඩු වීම හේතුවෙන් බොහෝ විට කසළ ගොඩවල්වලට සහ ජල මාර්ගවලට එක්වීම සිදු වේ.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ පැවසීය. "අප අවට සිටින ප්‍රජාවන් සහ පරිසරය වෙනුවෙන් අප සතු වගකීම ඉටු කිරීමට කාගිල්ස් ආයතනය හැමවිට්ටම කටයුතු කරනවා. කාක දූපත වෙරළ තීරය රැකබලාගැනීමේ වගකීම භාරගැනීම හරහා, අපගේ වෙරළ තීරයේ මෙම කොටස ආරක්ෂා කිරීමට අපගේ හවුල්කරුවන් සහ ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයන් සමඟ සමීපව කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම, මෙම බෝතලයට සම්බන්ධ මූඩිය හඳුන්වා දීම යනු ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුවට පිළියමක් ලෙස සහ ප්‍රතිචක්‍රීකරණය සැමට පහසු කිරීමට වෙනුවෙන් අප තැබූ තවත් එක් පියවරක්.”

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 26, 2026 - 04:43 PM

Share Volume

89,325,102

Turnover

2,654,114,337.70

ASPI

21,244.91

-70.93-0.33%%
S&P SL20

6,050.18

-12.65-0.21%%