
උසස් නිෂ්පාදන ප්‍රමිතීන් සමඟ ක්‍රියාකාරකම් පාදක කරගත් නව ඉගෙනුම් අත්දැකීමක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ අභ්‍යාස පොත් සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දීමට Atlas Axillia සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, සමාගමේ නවතම ‘Gold Standard’ අභ්‍යාස පොත් පෙළ 2026 නොවැම්බර් 21 වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ Atlas කළමනාකාරීත්වය ඇතුළු 500කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 67කට අධික කාලයක් පුරා ගොඩනඟා ගත් විශ්වාසය පදනම් කරගත් මෙම නව පරිවර්තනය, ‘සතුටින් ඉගෙන ගන්න’ යන Atlas හි මූලීක අරමුණ වැඩිදුරටත් ශක්තිමත් කරනු ඇත. ගුණාත්මකභාවය සමගින් නිර්මාණශීලිත්වය සහ නව දැනුම ගවේෂණය කිරීමේ අවස්ථා ඒකාබද්ධ කරමින්, සාමාන්‍ය අභ්‍යාස පොතකින් දරුවන්ට ලබා දිය හැකි වටිනාකම් සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීම Atlas හි අපේක්ෂාවයි.
වැඩි ඝනකමකින් යුත් කඩදාසි සහ දරුවන්ට හිතකර කවර ඇතුළු අත්‍යවශ්‍ය ගුණාත්මක ලක්ෂණ පවත්වා ගනිමින්, නව අභ්‍යාස පොත් පෙළට ප්‍රධාන නවෝත්පාදන තුනක් එක් කර තිබේ. නව පරපුරේ දරුවන්ගේ රුචිකත්වයට ගැළපෙන ආකර්ෂණීය කවර තේමාවන්, ප්‍රායෝගික ඉගෙනුම දිරිගන්වන පොත් කවරයේ ඇතුළු පිටුපස ඇතුළත් DIY (තනිව සිදු කළ හැකි) ක්‍රියාකාරකම් සහ අතිරේක ඩිජිටල් ඉගෙනුම් අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීමට හැකි QR කේත මීට අන්තර්ගත වේ. මෙමඟින් දුවා දරුවන්ට භෞතික හා ඩිජිටල් අත්දැකීම් ඒකාබද්ධ වූ නව ඉගෙනුම් අවස්ථාවන් හිමි වනු ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ Atlas Axillia හි ශ්‍රී ලංකා ප්‍රධානී ඉන්ද්‍රජිත් බිංදුහේවා මහතා මෙසේ පැවසීය. “දශක හයකට අධික කාලයක් පුරා Atlas ශ්‍රී ලාංකේය දරුවන්ගේ ඉගෙනුම් ගමනේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අපගේ වගකීම ගුණාත්මක නිෂ්පාදන ලබාදීමට පමණක් සීමා වන්නේ නැහැ. සෑම දරුවෙකුටම තම හැකියාවන් හඳුනාගෙන වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ඔවුන්ගේ ඉගෙනුමට ශක්තිමත් පදනමක් ලබාදීමට අප කැපවී සිටිනවා. මෙම නව පරිවර්තනය තුළින් ඉදිරි පරපුරට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’
නවතම ‘Gold Standard’ අභ්‍යාස පොත් පෙළ එළිදැක්වීමෙන් අනතුරුව, පොත්වල ඇතුළත් තේමාවන් සහ DIY ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව සලසන විශේෂ අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් කලාපයක් (Engagement Zone) ද විවෘත කෙරිණි. එමඟින් දරුවන්ට මුද්‍රිත පිටුවෙන් ඔබ්බට ගොස් නව දැනුම ගවේෂණය කිරීමට අවස්ථාව සැලසිණි.
මෙහිදී අදහස් දැක්වූ Atlas Axillia හි අලෙවි සාමාන්‍යාධිකාරී, කසුනි බණ්ඩාර මෙනවිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාකාරකම් පාදක කරගත් ඉගෙනුමට වැඩි අවධානයක් යොමු වන පසුබිමක, එයට සහාය වීම සන්නාමයන් සතු වගකීමක් බව අප විශ්වාස කරනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඩිජිටල් තාක්ෂණය අපගේ පොත්වලට එක් කිරීමෙන්, කුතුහලය සහ නිර්මාණශීලීත්වය ඔස්සේ දරුවන් දිරිමත් කරමින්, සතුටින් ඉගෙන ගැනීමට හැකි පසුබිමක් සකස් කිරීම අපගේ ප්‍රධානතම අපේක්ෂාවයි.’’
මෙම හඳුන්වාදීමත් සමඟ, විශ්වාසනීය ගුණාත්මකභාවය සහ නව්‍ය ඉගෙනුම් අත්දැකීම් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලාංකේය දරුවන්ට නව දැනුම ගවේෂණය කිරීමට සහ තම හැකියාවන් වර්ධනය කර ගැනීමට වැඩි අවස්ථා උදා කර දීම Atlas Axillia සමාගමේ පරම අභිප්‍රායයි.






















