
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන SriLankan Aviation College ආයතනය, පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී නවතම උපාධිධාරීන් ඇගයීමට ලක් කළේය. එහිදී ගුවන් සේවා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් රැසක් ඔස්සේ උපාධි අපේක්ෂකයින් 500 දෙනෙකු වෙත සුදුසුකම් පිරිනමමින් ඔවුන්ගේ වෘත්තීය ගමනේ මීළඟ පරිච්ඡේදය ආරම්භ කරන ලදී. ගුවන් තොටුපළ මෙහෙයුම් (Airport Operations), මැදිරි සේවා සහ ප්‍රතිරූප උපදේශන (Cabin Services and Image Consultancy), සංචාරක සහ සංචාරක කර්මාන්තය (Travel and Tourism), භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් (Cargo Operations), ගුවන් යානා නඩත්තු - ගුවන් යානා ඉලෙක්ට්‍රොනික විද්‍යාව (Aircraft Maintenance - Avionics), ගුවන් යානා නඩත්තු - යාන්ත්‍රික (Aircraft Maintenance - Mechanical) සහ ගුවන් ගමන් මෙහෙයුම් නිලධාරී – Flight Dispatcher (ICAO 201) පාඨමාලාව ඇතුළු පුළුල් පරාසයක විහිදුණු ගුවන් සේවා අධ්‍යයන ක්ෂේත්‍ර රැසක් සඳහා මෙහිදී සහතිකපත් පිරිනැමිණි.
උපාධි අපේක්ෂකයින්ගේ කැපවීම, නොපසුබට උත්සාහය සහ ජයග්‍රහණ සැමරීම සඳහා උපාධි අපේක්ෂකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ආයතනික කාර්ය මණ්ඩලය සහ ක්ෂේත්‍රයේ හවුල්කරුවන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ. ශ්‍රී ලංකා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම SriLankan Aviation College ආයතනයේ හි සෙසු සම්භාවනීය අමුත්තන් සහ සුබ පතන්නන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
SriLankan Aviation College ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිල ප්‍රනාන්දු මහතාගේ පිළිගැනීමේ කතාවෙන් උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, ඉන් අනතුරුව ආයතනයේ නිල ගීතය එළිදැක්වීම සිදු විය. මෙම උත්සවයේදී ගෞරවනීය ආරාධිත අමුත්තන් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත කේ. ඩී. ඩී. දිමාල් අරන්දර මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් ආරාධිත දේශන පවත්වන ලදී. SriLankan Aviation College ආයතනයේ අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ජයනි සී. සේනානායක මහත්මියගේ ස්තූති කතාවෙන් උත්සවය සමාප්ත විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංස්කෘතික අංග කිහිපයක් ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇද බැඳ ගනිමින් උත්සවයට වර්ණවත් බවක් සහ ජවයක් එක් කළේය.
2026 උපාධි ප්‍රදානෝත්සවය තුළින් මෙම වසරේ උපාධිධාරීන්ගේ ජයග්‍රහණ පමණක් නොව, දශක හතරකට වැඩි කාලයක් පුරා දක්ෂ ගුවන් සේවා වෘත්තිකයින් බිහි කිරීමේ SriLankan Aviation College ආයතනයේ උරුමය ද සමරනු ලැබීය. ගුවන් සේවා කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින පසුබිමක, අද දින උපාධිය ලබන පිරිස එහි අනාගතය හැඩගැස්වීමට සූදානමින් සිටින මීළඟ පරම්පරාවේ වෘත්තිකයින් නියෝජනය කරයි.
වෘත්තීය ඉලක්ක කරගත්, නවෝත්පාදන සහ පුළුල් ගුවන් සේවා සහ ආයතනික පුහුණු වැඩසටහන් එකතුවක් සමඟින්, SriLankan Aviation College ආයතනය ගුවන් සේවා කර්මාන්තයේ පුළුල් පරාසයක විහිදුණු අංශයන් සඳහා පුහුණුව ලබා දෙමින්, අනාගතයට සූදානම් දක්ෂ වෘත්තිකයින් අඛණ්ඩව බිහි කිරීම හරහා කර්මාන්තය ඉදිරියට ගෙන යාමට දායක වේ.

























