
කුලියාපිටිය පොල් ත්‍රිකෝණ කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති සංගමය (Ceetee) සමඟ එක්ව ක්‍රියාත්මක කරන Agri Value Chain Financing (කෘෂි අගය දාම මූල්‍යකරණ) වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, මූල්‍ය ප්‍රවේශය හරහා කිරි ගොවීන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට SDB බැංකුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියරේ සාර්ථකත්වය පදනම් කර ගනිමින්, නව කිරි ගොවීන් පිරිසකට සිය ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කර ගැනීමට සහ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට මේ හරහා සහාය හිමි වේ.
Ceetee ආයතනයට කිරි සපයන ගොවීන්ගේ ව්‍යාපාරික දියුණුවට බාධාවක් වන මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සඳහා, මෙම මුලපිරීම යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) කාලීන ණය පහසුකම් ලබා දෙනු ලැබේ. මෙම අරමුදල් හරහා කිරි ගවයින් මිලදී ගැනීමට, අවශ්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමට සහ ගොවිපළ පහසුකම් වැඩිදියුණු කර ගැනීමට ගොවීන්ට හැකියාව ලැබෙන අතර, එමගින් ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නංවා වඩාත් තිරසාර ව්‍යාපාර ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසේ. වඩාත් සාර්ථක ගොවිපළ කළමනාකරණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
මෙම වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස, වැඩසටහන සහ එහි ඇති මූල්‍ය අවස්ථාවන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ සැසියක් තෝරාගත් කිරි ගොවීන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් නොවැම්බර් 6 වන දින කුලියාපිටියේදී පැවැත්විණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය: “කිරි ගොවීන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාත්මක වන ආකාරය සහ ආදායම් උපයන ආකාරය නිවැරදිව හඳුනා ගත් මූල්‍ය පහසුකම් ක්‍රමවේදයක්. ස්ථාපිත සමුපකාර ජාලයන් හරහා කටයුතු කිරීමෙන්, විශ්වාසදායක වෙළෙඳපොළක් මෙන්ම කිරි අලෙවි ආදායමට ගැළපෙන ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සමඟ මූල්‍ය සහාය සෘජුවම සම්බන්ධ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ග්‍රාමීය ව්‍යවසායකයින්ට නව ආයෝජන සිදු කිරීමට, නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කර ගැනීමට සහාය වීම සඳහා අප සතු කැපවීම මෙම වැඩසටහන මගින් මනාව පිළිබිඹු වෙනවා.”
1981 වසරේදී ලියාපදිංචි කරන ලද Ceetee ආයතනය, කිරි එකතු කිරීමේ සමිති 17ක් හරහා සාමාජිකයින් සහ කිරි සැපයුම්කරුවන් 350 දෙනෙකු පමණ සම්බන්ධ කර ගනිමින් දිනකට කිරි ලීටර් 2,500ක් පමණ එකතු කරනු ලබයි. මෙම ජාලය, ගොවීන්ගේ මුදල් ප්‍රවාහයන් (Cash flows) හා බැඳුණු මූල්‍යකරණ ක්‍රමවේදයක් සඳහා ශක්තිමත් පදනමක් සපයන අතර, එහිදී ණය වාරික කිරි අලෙවි ආදායමෙන් සෘජුවම අඩු කර ගැනීම සිදු කෙරේ.
මෙම වැඩසටහන හරහා සාමාජික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉහළ නැංවීමට සහ මෙහෙයුම් තිරසාරභාවය තහවුරු කර ගැනීමට Ceetee ආයතනය අපේක්ෂා කරයි. එමෙන්ම, කෘෂිකාර්මික ණය සම්පාදනයට සහ තැන්පතු වර්ධනය කර ගැනීමට ඉවහල් වූ වැඩපිළිවෙළක් තවදුරටත් ඉදිරියට ගෙන යමින්, දිගුකාලීනව සාර්ථක මූල්‍ය විසඳුම් සහ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වන සිය කැපවීම තහවුරු කිරීමට SDB බැංකුවට මේ තුළින් අවස්ථාව සැලසේ.






















