header logo

Daily Exchange Rates

Nov 27, 2026
Top News
ලොව ප්‍රමුඛතම බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට
ලොව ප්‍රමුඛතම බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) මගින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජුනි මාසය සඳහා වූ නෞකා සේවා සම්බන්ධතා දර්ශකයට (Liner Shipping Connectivity Index - LSCI) අනුව, ලොව වඩාත්ම සම්බන්ධිත බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්ව තිබේ.

එහිදී කොළඹ වරාය ලකුණු 719.11ක් ලබා ගැනීමට සමත් වී ඇත. නොවැම්බර් 26 වැනි දින නිකුත් කරන ලද UNCTAD හි Review of Maritime Transport 2026 වාර්තාවේ ඇතුළත් මෙම ශ්‍රේණිගත කිරීම තුළින්, ජාත්‍යන්තර නෞකා සේවා සම්බන්ධතාව අතින් ලොව හොඳම වරායයන් 20 අතරට කොළඹ වරාය ඔසවා තබන අතර, ගෝලීය සමුද්‍රීය වෙළෙඳාමෙහි ශ්‍රී ලංකාව සතු වැදගත්කම එමගින් ඉස්මතු කර දක්වයි.

නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාවේ ප්‍රධාන ජාත්‍යන්තර නාවික කේන්ද්‍රස්ථාන රැසක් පිහිටා තිබීම සැලකීමේ දී ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ කොළඹ වරාය හිමිකරගෙන ඇති මෙම ස්ථානය විශේෂ වැදගත්කමක් උසුලයි. ෂැංහයි වරාය ලකුණු 2,372.47ක් ලබා ගනිමින් ලැයිස්තුවේ පෙරමුණ ගත් අතර නිංබෝ වරාය (2,040.69) සහ සිංගප්පූරු වරාය (1,833.94) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන ඇත.

මැලේසියාවේ ක්ලැග් වරාය (Port klang) ලකුණු 1,075.80 ක් සමග 7 වැනි ලේම් චබෑන්ග් (Laem chabang) වරාය ලකුණු 743.29 ක් සමග 16 වැනි
ස්ථානයට පත් වූ අතර, තායිලන්තයේ ස්ථානය හිමිකර ගෙන තිබේ.

කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්වූයේ ජපානයේ යොකොහමා වරාය (18 වන ස්ථානය) සහ ජර්මනියේ හැම්බර්ග් (20 වැනි ස්ථානය) යන වරායයන් අභිභවා යමිනි.

ඉන්දියානු උපමහද්වීපයේ බහලු නාවික ජාලය තුළ කොළඹ වරාය සතු ප්‍රමුඛ ශක්‍යතාව ද මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. ඉන්දියානු උපමහද්වීපයේ සැලසුම්ගත බහලු නාවික ධාරිතාවෙන් 56% ක් කොළඹ වරාය මගින් ආවරණය වන අතර, කලාපීය ප්‍රතිනැව්ගත මෙහෙයුම් කටයුතුවලදී එය අඛණ්ඩව ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරයි. මෙම ප්‍රතිශතාත්මක වර්ධනය තුළින් ජාත්‍යන්තර නෞකා සේවා සහ දකුණු ආසියාව පුරා වෙළඳපොළ යා කරන සමුද්‍රීය දොරටුවක් ලෙස කොළඹ වරාය සතු වැදගත්කම පිළිබිඹු වේ.

ජාත්‍යන්තර නාවික ජාල තුළ ඉන්දියානු උපමහද්වීපය ලබමින් සිටින වර්ධනීය තත්ත්වය ද UNCTAD තක්සේරු මගින් තවදුරටත් අවධාරණය කරයි. 2026 පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ කලාපයේ නාවික කේන්ද්‍රස්ථාන හරහා යොදවන ලද බහලු නෞකා ධාරිතාව 21%ක් ඉහළ ගොස් ඇත. වෙනස් වන නාවික ජාලවලට අනුගත වීමේ දී සහ ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ මාර්ග අතර සම්බන්ධතා පවත්වා ගැනීමේ දී කලාපීය සමුද්‍රිය කේන්ද්‍රස්ථානවල ඇති වැදගත්කම මෙමගින් පෙන්නුම් කෙරේ.

අනෙකුත් කලාපීය වරායන්හි සැලසුම්ගත බහලු ධාරිතාවේ සැලකිය යුතු වර්ධනයක් ද වාර්තාව මගින් සටහන් කර තිබේ. පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ ඉන්දියාවේ මුන්ද්‍රා වරාය 53% ක වර්ධනයක් වාර්තා කල අතර, නවෂිවා වරාය 47%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම වර්ධනයක් මගින් දකුණු ආසියානු වරායන්හි පුළුල් වන ධාරිතාව සහ දිගුදුර නෞකා සේවාවන් වෙත කලාපය වැඩි වශයෙන් ඒකාබද්ධ වීම පෙන්නුම් කෙරේ.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 26, 2026 - 04:43 PM

Share Volume

89,325,102

Turnover

2,654,114,337.70

ASPI

21,244.91

-70.93-0.33%%
S&P SL20

6,050.18

-12.65-0.21%%