header logo

Daily Exchange Rates

Nov 27, 2026
Corporate News
අනුරාධපුරයේ නවතම ප්‍රදර්ශනාගාරය සහ සේවා සංකීර්ණය සමඟින් Euro Motors සිය සේවා ජාලය පුළුල් කරයි
අනුරාධපුරයේ නවතම ප්‍රදර්ශනාගාරය සහ සේවා සංකීර්ණය සමඟින් Euro Motors සිය සේවා ජාලය පුළුල් කරයි

උතුරු මැද පළාතේ මගී සහ වාණිජ රථවාහන විසඳුම් සඳහා පාරිභෝගිකයන්ට ඇති ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය කලාපීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට Euro Motors සමත් වී තිබේ. ඒ අනුව, සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය සහ මෝටර් රථ සේවා සංකීර්ණය අනුරාධපුර, නෙළුම්කුලම, ඥානික්කුලම ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කර ඇත.

කලාපයේ ඇති විශාලතම සහ අංගසම්පූර්ණ මගී සහ වාණිජ රථවාහන සේවා මධ්‍යස්ථානය ලෙස ස්ථාපිත කර ඇති මෙම නව සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම රැසක් එකම වහලක් යටට ගෙන එයි. මෙහි මගී රථවාහන එකතුවට Jetour, Dongfeng, JAC සහ Joylong යන සන්නාම ඇතුළත් වන අතර, වාණිජ රථවාහන පරාසයට JAC ට්‍රක් රථ, Dongfeng ට්‍රක් රථ, Bonluck බස් රථ සහ Ankai බස් රථ ඇතුළත් වේ. මෙම විවිධ වූ සන්නාම එකතුවට සමගාමීව, රථවාහන ප්‍රදර්ශන කලාප, අලෙවියෙන් පසු සේවා සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුකම් ද මෙහි ස්ථාපිත කර ඇති බැවින්, පෞද්ගලික රථවාහන හිමියන්ට, ව්‍යාපාරිකයන්ට, වාහන සමූහ හිමිකරුවන්ට සහ ප්‍රවාහන සේවා ක්‍රියාකරුවන්ට අංගසම්පූර්ණ මෝටර් රථ සේවා ගමනාන්තයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motors සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා මෙසේ පැවසීය. "ප්‍රදර්ශනාගාරයක් යනු පාරිභෝගිකයන්ට වාහනයක් තෝරා ගැනීමට පැමිණෙන ස්ථානයකට වඩා ඔබ්බට ගිය, ඔවුන්ගේ වාහන හිමිකාරිත්ව ගමන් මග පුරාවටම විශ්වාසය තැබිය හැකි ගමනාන්තයක් විය යුතුයි. අනුරාධපුරයේ අප කළ මෙම ආයෝජනය පිටුපස ඇති චින්තනය එයයි. විශේෂිත යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන් සහ වාහන ප්‍රදර්ශනය, සේවා සැපයීම සහ අව්‍යාජ අමතර කොටස් එකම ස්ථානයකට ගෙන ඒමෙන්, කලාපයේ පෞද්ගලික රථවාහන හිමියන්ට සහ ව්‍යාපාරවලට සේවය කිරීමේ අපගේ හැකියාව අපි තවදුරටත් ශක්තිමත් කරනවා. පාරිභෝගිකයන් වෙත ඇති අපගේ කැපවීම වාහනයක් මිලදී ගන්නා අවස්ථාවෙන් ඔබ්බට විහිදෙන අතර, වාහන හිමිකාරිත්ව කාලය පුරාවටම අඛණ්ඩ සහාය ලබා දීමට අප දක්වන වැදගත්කම මෙම නව සංකීර්ණය මගින් මනාව පිළිබිඹු වෙනවා."

මෙම නව මධ්‍යස්ථානය පිහිටුවීම Euro Motors සමාගම සිය කලාපීය ජාලය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී දිගුකාලීන ආයෝජනයකි. සීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික පදනමට සහාය වීම, අලෙවියෙන් පසු සේවා හැකියාවන් ශක්තිමත් කිරීම සහ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවලින් ඔබ්බට සිය රථවාහන සන්නාම සහ සේවාවන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් විශේෂිත යටිතල පහසුකම් සහ සේවා අංශ මෙම සංකීර්ණය සතු වේ.

Euro Motors සන්නාම එකතුවේ ඇති මගී සහ වාණිජ රථවාහන එකම තැනකට ගෙන ඒම හරහා, පෞද්ගලික ගමනාගමන අවශ්‍යතාවල සිට ව්‍යාපාරික සහ වාණිජ ප්‍රවාහන මෙහෙයුම් දක්වා වූ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට මෙම මධ්‍යස්ථානයට හැකියාව ලැබේ. පාරිභෝගිකයන්ට එකම ස්ථානයකින් වාහන පරීක්ෂා කිරීමට, සේවා පහසුකම් ලබා ගැනීමට සහ අව්‍යාජ අමතර කොටස් මිලදී ගැනීමට හැකි වීම නිසා ඔවුන්ගේ වාහන හිමිකාරිත්ව අත්දැකීම වඩාත් පහසු සහ අඛණ්ඩ එකක් බවට පත් වේ.

අනුරාධපුර සංකීර්ණය විවෘත කිරීම මගින්, සිය කලාපීය ව්‍යාප්තිය පුළුල් කිරීමට, පාරිභෝගික කේන්ද්‍රීය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට සහ තමන් සේවය කරන ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට වඩාත් සමීපව අංගසම්පූර්ණ මෝටර් රථ විසඳුම් ලබා දීමට Euro Motors සමාගම දක්වන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු වේ.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 26, 2026 - 04:43 PM

Share Volume

89,325,102

Turnover

2,654,114,337.70

ASPI

21,244.91

-70.93-0.33%%
S&P SL20

6,050.18

-12.65-0.21%%