• Ada Derana BIZ Sinhala
  • Digital Banking
  • Nations Trust Bank
  • sri lanka

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික ප්‍රතිචාර අනුව තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කරයි

November, 29, 2022

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. මේ ලෙස වැඩිදියුණු කරන ලද නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් එකතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මොබයිල් app එක හා අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා හඳුන්වා දීම පසුගියදා සිදුවිය.  මේ අනුව දැන් සරල, සුරක්ෂිත හා කාර්යක්ෂම සේවාවන් එකතුවක් එකම තැනකින් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. නවීනතම තාක්ෂණයන් භාවිතයෙන් වැඩිදියුණු කළ, නව අතුරු මුහුණත් (Interface) සහ ක්‍රමවේදයන් සහිත මෙම සේවාවන්හි ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක ක්‍රමවේදයන්ද යොදා තිබේ.

“නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිත වලට බැංකු සේවාවන් වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ කළ හැක්කේ කෙසේද යන්න වටහා ගැනීමටයි. ඒ සඳහා අප සෘජුවම ඔවුන්ගෙන් අදහස් විමසුවා. ඒ ඔස්සේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් තුළ ඔවුන්ට මතුවන ගැටලු අප පැහැදිලිව හඳුනා ගත්තා. මෙම ප්‍රතිචාර අනුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු නවීන තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ ඩිජිටල් බැංකුකරණ අවශ්‍යතාවන් එකම තැනකින් සපුරාගත හැකිවන ප්‍රයෝගික විසඳුම් පෙළක් හඳුන්වා දීමට අපට හැකි වුණා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අප බැංකුවේ කණ්ඩායමට මා ස්තූතිවන්ත වනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - ඩිජිටල් බැංකුකරණ, රන්දිල් බොතේජු මහතා පැවසී ය.

අලුතින් හඳුන්වා දී ඇති ‘Single Sign On’ ක්‍රමය නිසා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාවන් සඳහා එකිනෙකට වෙනස් පරිශීලක නාම සහ මුරපද භාවිතා කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. එමෙන්ම ‘Multiple Login’ හැකියාව නිසා ගනුදෙනුකරුවන්ට එකවර උපාංග දෙකක් තුළින් වුවද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් සේවාවන්ට පිවිසිය හැක. ජංගම යෙදුමේ අතුරු මුහුණතද (Interface)  වැඩිදියුණු කර ඇති අතර, ගනුදෙනු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පියවර සංඛ්‍යාව අඩු වීම ගනුදෙනුකරුවන්ට විශාල පහසුවකි. මීට අමතරව, ගිණුම් සැලසුම් කිරීමේ ක්‍රමවේදයක්ද දැන් මෙම සේවාවන්ට ඇතුළත් කර ඇති නිසා, ගිණුමකින් ගිණුමකට මුදල් මරු කිරීම්, බිල්පත් ගෙවීම් සහ කාඩ්පත් සඳහා සඳහා සිදුකරන ගෙවීම් වැනි නිතිපතා ගෙවීම් කල්තබා සැලසුම් කළ හැකි වේ.

“මේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව, ඩිජිටල්කරණය කරා අප යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. මෙවැනි ඩිජිටල් බැංකුකරණ පහසුකම් තිබීම මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ අදහස් වලට සවන් දී, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට සේවාවන් සැලසුම් කරන නිසා, එය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සහ ප්‍රතිලාභ රැසක්ද ගෙනෙනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව මොබයිල් app එක සහ අන්තර්ජාල බැංකුකරණ සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය ඉලක්ක තමන්ට කැමති ආකාරයට කළමනාකරණය කරගත හැකි වන අතර, ‘Chat Bot’ සේවාව හරහාද ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ඩිජිටල් බැංකුකරණ සේවාවන් ලබාගත හැකි වේ.

නව ‘High Risk Verification’ ක්‍රියාවලියට පියවර දෙකක් මගින් අනන්‍යතාව තහවුරු කරගැනීම සහ ජෛවමිතික (Biometrics) තහවුරු කරගැනීමද ඇතුළත් වන අතර, මෙම සේවාවන් සඳහා ‘ISO/IEC 27001:2013 සහතිකකරණය හිමි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ක්‍රමවේදයන්ද භාවිතා වන නිසා ගනුදෙනුකරුවන්ගේ දත්ත වල ආරක්ෂාව සහ රහස්‍යභාවය ආරක්ෂා වේ.

‘Google Play Store’, ‘Huawei AppGallery’ හෝ ‘Apple App’ වෙතින් ‘Nations Direct Mobile App’ බාගත කරගැනීමෙන් ගනුදෙනුකරුවන්ට නේෂන්ස් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ පහසුව, කාර්යක්ෂමතාව හා සුරක්ෂිතභාවය රිසි සේ අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 

ඡායාරූප විස්තරය - නේෂන්ස් ට්රස්ට් බැංකුවේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව වැඩිදියුණු කළ කණ්ඩායම