අක්බර් බ‍්‍රදර්ස් KAF පදනම Trail 2016 වැඩසටහන සමග එක්වෙයි

    September, 23, 2016

    Trail 2016 ප‍්‍රජා සත්කාර වැඩසටහනට ප්ලැටිනම් අනුග‍්‍රාහකයෙකු ලෙස දායකත්වය ලබාදීමට තමන් තීරණය කර ඇති බව අක්බර් බ‍්‍රදර්ස් KAF පදනම පසුගියදා නිවේදනය කළේ ය. කොළඹ 10 පිහිටි සිය ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී එම පදනම විසින් මේ බව අනාවරණය කරන ලදි.

    Trail යනු දිගු කාලයක පටන් මෙරට සුවිශේෂී සමාජ සත්කාරයන් සඳහා දායක වන වැඩසටහනකි. 2011 වසරේදී තෙලිප්පලේ ප‍්‍රදේශයේ Trail පිළිකා රෝහල ඉදිරිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක මුදලක් රැුස් කිරීමට එය සමත් වූ අතර එය ශ‍්‍රී ලංකාවේ මහජන අරමුදලක් ලෙස ක‍්‍රියාත්මක වූ විශාලතම ප‍්‍රජා සත්කාර ව්‍යාපෘතිය ලෙස සැලකේ. මෙම රෝහල අද වන විිට උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල රෝගීන් විශාල ප‍්‍රමාණයකට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට සමත්වි ඇත.

    අක්බර් බ‍්‍රදර්ස් සමාගම යනු මෙරට තේ අපනයනයෙහි නියුතු ප‍්‍රමුඛතම සමාගමයි. එහි ප‍්‍රජා සත්කාර පදනම වන KAF පදනම 2009 වසරේදී ආරම්භ කරන ලද අතර ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව මුහුණදෙන නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන ගැටලූ වැනි ගැටලූ සම්බන්ධයෙන් තිරසාර විසඳුම් ලබාදීමට දායක වීම සඳහා එය කැපවී සිටී.

    දින 28 ක කාලයක් තුළ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිලෝමීටර 670 ක දුරක් ආවරණය කිරීම Trail පාගමනෙහි ඉලක්කය වේ. පිළිකා රෝගවලින් පෙළෙන්නන්ට සහනයක් සැලසීම සහ ජීවිතය සමග ඔවුන් යෙදෙන සටන වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීම උදෙසා මෙම පාගමන සංවිධානය කර ඇත. 2016 ඔක්තෝබර් 06 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පා ගමනේ සමස්ත දුර ප‍්‍රමාණය සඳහා Trail වැඩසටහනේ නිර්මාතෘවරුන් වන නාදන් සිවගනනාදන් සහ සරින්ද උනම්බුව යන මහත්වරුන්ද එක්වීම විශේෂත්වයකි. ගාල්ලේ කරාපිටිය රෝහල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් එක්රැුස් කිරීම මෙම පාගමනෙහි තවත් ප‍්‍රධාන ඉලක්කයක් වේ.

    ජාත්‍යන්තර කීර්තිය දිනූ සමාගමක් වන අක්බර් බ‍්‍රදර්ස් සමාගම මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන සඳහා දායක වන්නේ ඉමහත් සතුටිනි. පිළිකාව සමග සටන් වැදී සිටින දහස් ගණනක් ජනතාවකට දිරියක් වෙමින්, ඔර්සක හි දැක්ම නැවත වරක් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අත්වැලක් සැපයීමට හැකිවීම අක්බර් බ‍්‍රදර්ස් සමාගම තමන්ට ලද ගෞරවයක් ලෙස සලකයි.

    ඡායාරූපය: කරාපිටිය ශික්ෂණ රෝහල පුළුල් කිරීමේ ව්‍යාපෘතියට ආධාර ලබාදීමේ අරමුණින් සංවිධානය කෙරෙන Trail 2016 වැඩසටහනට ඇමරිකානු ඩොලර් 100,000 ක පරිත්‍යාගයක් ලබාදීමට අක්බර් KAF පදනම කටයුතු කළ අවස්ථාව. වමේ සිට: ඕනෙලා ඩැනියෙල් (විධායිකා), සංජීව ජයවර්ධන (අලෙවි කළමනාකරු), ටෙලාරි සුරවීර (නීති කටයුතු ප‍්‍රධානී), හුසේන් අක්බරලි (අධ්‍යක්ෂ), අස්ගි අක්බරලි (අධ්‍යක්ෂ), මහේල ජයවර්ධන (Trail සන්නාම තානාපති), සශිනි අභයගුණවර්ධන (Trail ව්‍යාපෘති කළමනාකාරිනී), නාදන් සිවගනනාදන් (Trail සම නිර්මාතෘ) සහ සරින්ද උනම්බුව (Trail සම නිර්මාතෘ) යන මහත්ම මහත්මීන්