• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අඛණ්ඩ තෙවෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

November, 30, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29) දිනයේ දී ඒකක 65.27 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,375.21 ක් ලෙසින් සටහන් විය.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 27.55 කින් ඉහළ ගොස් ඒකක 2,640.31 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.05% ක වර්ධනයක් වේ.

මේ අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.88 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.79 බැගින් වාර්තා වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 85.25 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 84.14 ක් ලෙසත් සටහන් වුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සිලොන් ටුබැකෝ යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.