March, 30, 2023
ශ්රී ලංකාවේ කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඊට ප‍්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහල් සේවා ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, නවීනතම Selenia Dimensions mammography තාක්ෂණය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එමඟින් පියයුරු පිළිකා තත්වයන් ඉහළම නිරවද්‍යතාවකින් කල්තියා හඳුනා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට ඉඩ ලැබෙන අතර මෙමගින් පියයුරු පිළිකාවෙන් මුළුමනින්ම අත්මිදීමට හෝ සාර්ථකව එය පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
පිළිකාවන් මිනිස් මරණ සඳහා ප‍්‍රධානතම හේතුවක් ලෙස සලකනු ලබන අතර දත්තයන්ට අනුව පියයුරු පිළිකා කාන්තාවන් අතර ඉහළින්ම වාර්තාවන පිළිකා වර්ගය ලෙස හඳුනාගත හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO* අනුව, 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ වාර්තා වී ඇති මුළු පිළිකා රෝගීන්ගෙන් 13.4% ක් පියයුරු පිළිකා රෝගීන් විය. පිළිකා වැළඳී ඇති සියලූම කාන්තාවන් අතරින් 25.7% ක් පියයුරු පිළිකා රෝගීන් වූ අතර, 2020 දී මුළු පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3,975කි. ශ‍්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා හඳුනාගැනීමට සහ පිලිකා ප්‍රතිකාර සඳහා වන උපකරණ සහ ඖෂධ හිඟයත්, පියයුරු පිළිකා පිළිබඳ නොදැනුවත්භාවය සමඟ, මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ මරණ අනුපාතය 42.5% තරම් ඉහළ අගයක පැවතීම කණගාටුවට කරුණකි.
සමස්ත ලෝකය තුළ, 2020 දී පියයුරු පිළිකා රෝගීන් මිලියන 2.26 කට වඩා වාර්තා වී ඇති අතර, එය ලොව පුරා වාර්තා වී ඇති සියලූම පිළිකා වලින් 12.5% ක් වේ. පියයුරු පිළිකා යනු කාන්තාවන් තුළ බහුලවම ඇතිවන පිළිකාව වන අතර සමස්තයක් වශයෙන් වඩාත් සුලභම පිළිකාව ලෙස හැක.
එපමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO ) දත්ත අනුව, පියයුරු පිළිකා 30.3% ක මරණ අනුපාතයක් වාර්තා කර ඇති අතර, පියයුරු පිළිකා ඇති කාන්තාවන් මුහුණ දෙන අවදානමක් වන අතර, එය කාන්තාවන් අතර වාර්තා වී ඇති සියලූම පිළිකා වලින් 25.8% ක් වේ.
බොහෝ සංවර්ධිත රටවල පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාර කිරීම දියුණු මට්ටමක පවතියි. රෝගය කල්තියා හඳුනාගැනීමේ තාක්ෂණය ප්‍රමාණවත් ලෙස ශ‍්‍රී ලංකාවේ නොමැති නිසා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය අභියෝගයට මුහුණ දී සිටින අතර එමඟින් රටේ පියයුරු පිළිකා වර්ධනයක් පෙන්නුම් කරයි.
පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් ලෙස සිය ජාතික වගකීම මැනවින් හඳුනාගත් රෝහල් සමූයක් ලෙස ඊට සාධනීය විසඳුමක් ලබාදෙමින් වත්තල හේමාස් රෝහල 2023 මාර්තු 23 වන දින සිය නවතම මැමෝග‍්‍රෑම් ක‍්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත් අතර එමගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික මට්ටමේ දායකත්වයක් ලබා දීමට ඔවුන්ට හැකි විය. හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී සහ විධායක අධ්‍යක්ෂ කස්තුරි චෙල්වරාජා විල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නවතම මැමෝග්‍රෑම් යන්ත්‍රයයේ රෝග විනිශ්චය ඇරඹින.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී සහ විධායක අධ්‍යක්ෂ කස්තුරි චෙල්වරාජා විල්සන් මහත්මිය “ 3D තාක්ෂණයෙන් සමන්විත මෙම නවීතනම මැමෝග්‍රෑම් යන්ත්‍රය හේමාස් රෝහල් සමූහය වෙත හඳුන්වා දීම කාන්තා සෞඛ්‍ය සවිබලගැන්වීම සඳහා හේමාස් රෝහල් සමූහය විසින් දරණ වෑයමෙහි තවත් අග්‍ර ඵලයක් ලෙස නිසැකවම හැඳින්විය හැකි අතර ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ මෙම යන්ත්‍රය සතු හැකියාව නිසා පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමටත් , ප්‍රතිකාර මූලික අදියරේ සිට ඇරඹීමට හැකි නිසාත් කාන්තා ජීවිත රැසක් පියයුරු පිළිකා අවදානමෙන් ගලවා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. එබැවින් අපි සමස්ත කාන්තා ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබගේ ශරීර සෞඛ්‍ය වෙත ප්‍රමුඛතාව ලබාදෙමින් නිසි අවස්ථාවේදී මැමෝග්‍රෑම් පරීක්ෂණයන් වෙත යොමු වන ලෙසටයි. එමගින් පියයුරු පිළිකාව කල්තබා හඳුනාගැනීමට සහ ප්‍රතිකාර මූලික අවස්තාවේදීම ආරම්භ කර මෙම රෝගී තත්වයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීමට හැකියාව ලැබෙනවා” යනුවෙන් පැවසුවාය.
හේමාස් රෝහල් සමූහය විසින් පියයුරු පිළිකා රෝග නිවාරණය සඳහා භාවිතා කිරීමට නියමිත මෙම මැමෝග්‍රෑම් යන්ත්‍රය Selenia Dimensions System 6000 ලෙස හැඳින්වේ. මෙමගින් ලබා ගත හැකි ත්‍රිමාණ මැමෝග්‍රෑම් සේයා රූ මෙරට දැනට භාවිතා කරන නූතන තාක්ෂණයෙන් හෙබි මැමෝග්‍රෑම් යන්ත්‍රය වන බැවින් මෙමගින් ලබා දෙන රෝග විනිශ්චය සඳහා භාවිතා කරන ඡායාරූප මෙරට පියයුරු පිලිකා කල්තියා හඳුනාගැනීමේ තාක්ෂණයේ නව ප්‍රමිතීන් නිර්මාණය කරන අතර පියයුරු පිලිකා ලක්ෂණයන් අතට දැනෙන්නට පෙර වඩාත් නිරවද්‍ය හා පහසු ලෙස හඳුනාගැනීමටත් ප්‍රතාකර ආරම්භ කිරීමටත් රෝගීන්ට දැන් අවස්ථාව උදා වී ඇත.
සාරාංශයක් ලෙස, මැමෝග‍්‍රැම් යනු පියයුරු පිළිකාවේ මුල් ලක්ෂණ හඳුනා ගැනීමට වෛද්‍යවරුන් භාවිතා කරන පියයුරු වල ඞ කිරණ රූපයක් වන අතර සමහර අවස්ථාවල පියයුරු වල වර්ධනය වන පිළිකාවක් පවතින බව වසර තුනකට පෙර අනාවරණය කර ගත හැක. බොහෝ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් මැමෝග‍්‍රෑම් පරීක්ෂණ සිදු කිරීම තෝරා ගන්නේ එය පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශිෂ්ට ද්‍යෛ උපකරණයක් බව ඔප්පු කරමිනි.
වත්තල හේමාස් රෝහලේ ස්ථාපිත වන මෙම නවතම මැමෝග්‍රෑම් තාක්ෂණය සමග පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන්ට පියයුරු පිළිකා පරීක්ෂණ තම දිස්ත්‍රික්කය තුළ පිහිටි හේමාස් රෝහල තුළින් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෙනත් රෝහල්වල දැනට පවතින මැමෝග්‍රෑම් පහසුකම් භාවිතා කරමින් සිදුකරන පරීක්ෂණ අපහසු හා වේදනාකාරී වන බැවින් හේමාස් රෝහල විසින් හඳුන්වාදෙන මෙම නවතම යන්ත්‍රය තුළින් කාලය මුදල් මෙන්ම අපහසු සහ වේදනාකාරී බවකින් තොරව රෝග විනිශ්චය කටයුතු සිදු කර ගැනීමට පරීක්ෂණ සඳහා සහභාගී වන කාන්තාවන්ට අවස්ථාව සැලසේ.
තම රෝහල වෙත අලුතින් හඳුන්වා දුන් මැමෝග්‍රෑම් තාක්ෂණය සමගින් , පියයුරු පිළිකා පරීක්ෂණ සිදු කිරීම සඳහා රජයේ රෝහල් වෙත යොමු වන කාන්තාවන්ගේ තදබදය සහ මෙමගින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව වෙත ඇති කරන දැඩි පීඩනය සමනය කිරීමට හේමාස් රෝහලට හැකි වීමට අමතරව රෝග නිර්ණය, රෝග විනිශ්චය හා ප්‍රතිකාර අදියරයන්හි දී අනුගමනය කරන රෝගීන් කේන්ද්‍රකරගත් ජාත්‍යන්තර තත්වයේ රෝහල් සේවාව තුළින් පෙර නොවූ විරූ සේවා අත්දැකීමක් සමගින් මානසික හා කායික සුවයක් ලබා ගැනීමට රෝගීන්ට නිසැකවම හැකි වනු ඇත.
නව මැමෝග‍්‍රැෆි පහසුකම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ අචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කළේ, අද දින ස්ථාපනය වන මෙම නවතම මැමෝග්‍රෑම් පද්ධතිය තුලින් පියයුරු පිලිකා ආශ්‍රිතව අප විසින් ලබා දෙන පූර්ණ සුවසේවාව නිසැක වශයෙන්ම ඉහළ නිරවද්‍යතාවයකින් ලබා දීමට අපට හැකිවන අතරම, මෙරට පුද්ගලික රෝහල් සේවාවේ ප්‍රගමනය සඳහා නායකත්වය ලබාදෙමින් අනාගතයේදීත් ලොව උසස්ම වෛද්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත හඳුන්වාදීමට හේමාස් රෝහල් සමූහය නිබඳව කැපවී සිටින බවට මම ප්‍රතිඥාවක් ලබාදෙනවා යනුවෙනි.
මෙම නවතම මැමෝග්‍රෑම් යන්ත්‍රයත් සමගින් පියයුරු පිළිකා ආශ්‍රිත රෝග විනිශ්චය පමණක් නොව පියයුරු පිළිකා ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් පියයුරු පිලිකා ආශ්‍රිත පූර්ණ සායනික සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. අලුතින් ආරම්භ වූ පියයුරු පිළිකා ආශ්‍රිත රෝග විනිශ්චය සායනයන් තුළින් කාන්තාවන්ගේ සුවපත්බව සඳහා වන සුවතා පැකේජයන් සහ ප්‍රතිකාර අවශ්‍ය බවට හඳුනාගත් පියයුරු සඳහා සිදුකරන සැත්කම් ද අලුතින් හඳුන්වාදෙන ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අයත් වෙති.

Video Story