අද ජනපති සුරතින් විවෘත වන The Steuart by Citrus සුපිරි හෝටලය මෙන්න

    June, 25, 2015

    කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවන නවතම හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.

    කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත ව්‍යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ සිට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ සිට්‍රස් සිල්වර් සමාගම විසිනි. හෝටලය ජොර්ජ් ස්ටුවර්ට් සමූහයට අයත්වේ.

    ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යාපාරය වන 1835 තරම් කාලයකට ඉතිහාසය දිවෙන ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ මූලස්ථානය වන වසර 175 ක් පමණ පැරණි “ස්ටුවර්ට් හවුස් “ නැමති මෙම ගොඩනැගිල්ල කොළඹ නගරයේ මුලින්ම ඉදිකළ තට්ටු ගොඩනැගිලි වලින් එකක් ලෙස සැලකේ. ‍

    රුපියල් මිලියන 350 ක පමණ වියදමින් මෙම ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස නවීකරණය කර තිබෙන්නේ සිට්‍රස් හික්කඩුව හෝටලය සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පී නිශාන්ත මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම හෝටලය කළමනාකරණය කිරීම සඳහා සිට්‍රස් සිල්වර් සමාගම ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග වසර 10 ක කල්බදු ගිවිසුමකට පැමිණ ඇත.
    s01