අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත

    March, 26, 2024

    අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්යමණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණ කිරීමට හැකි වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන් කොට සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම පිණිස 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලස්ම සඳහා 2024-02-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු 2024-04-01 දින සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ඒකාබද්ධව සිදු කරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව අදාළ සියලු වත්කම් මාස 06ක කාලයක් ඇතුළත සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.