අන්තර්ජාලේ සුපර් මාකට් එකෙන් ගෙදරටම බඩු ගෙන්න ගන්න “dMart” Daraz කණ්ඩායමෙන් පෙරළිකාර හඳුන්වාදීමක්

    September, 23, 2021

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත අලෙවියේ ප්‍රමුඛයා Daraz වෙතින් අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට dMart අන්තර්ජාලගත සුපිරි වෙළෙඳසැල හඳුන්වාදෙනු ලැබීය. එදිනෙදා දිවියේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක්, තෝරාගැනීමේ අවස්ථා රැසක් සහිතව කාණ්ඩ කිහිපයක් යටතේ හඳුන්වාදෙන dMart සමග නිවසේ සිටම සාප්පු සවාරියේ යෙදී සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ ඔබේ නිවසටම පාරිභෝගික භාණ්ඩ ගෙන්වා ගත හැකිය. dMart සමග එක්වන ඔබට, දිනපතා ක්‍රියාත්මක වන විශේෂ වට්ටම් සහ දීමනා රැසක් සමග 5000 කට අධික පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක් ඔබේ සිතැඟි පරිදි මිලදී ගත හැකිය.

    dMart සමග එක් වරක් මිලදීගැනීම් සිදු කළ පාරිභෝගිකයෙකු ඊළඟ අවස්ථාවේ පැමිණෙන විට පෙර මිලදී ගැනීම් රටාව අනුව ගැලපෙන පාරිභෝගික භාණ්ඩ පෙළක් පහසුවෙන් තෝරාගත හැකි පරිදි ස්වයංක්‍රීයව dMart තිරයේ යෝජනා කිරීම විශේෂත්වයකි. dMart ys “Add to cart” පහසුකමෙන් සියළු භාණ්ඩ අතරින් පාරිභෝගිකයාට තමාට අවශ්‍ය ප්‍රමාණයන් තෝරා දෙමින් අතපසුවීමකින් තොරව තමාගේ සියළු මිලදී ගැනීම් සිදුකිරීමට උපකාරී වේ.

    dMart හි භාණ්ඩ සෙවුම් පද්ධතියේ (in-channel search option) ඇති සුවිශේෂත්වය වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය හෝ භාණ්ඩ වර්ගය අනුව තෝරාගැනීමේ පහසුකම එක් කොට තිබීමයි. dMart භාවිතා කරන පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුව වඩාත් පහසුවෙන් භාණ්ඩ තෝරාගැනීමට එහි ඇති නවීන තාක්ෂණය උපකාර වන්නේ ඔබේ අවශ්‍යතා පිළිබඳ හොඳින්ම දන්නා සහයකයෙකු ඔබට උපකාරීවන්නා සේය.

    dMart සමග මිලදීගැනීම් සිදුකිරීමේදී වෙනත් ක්‍රමවේදයන්ගේදී මෙන් තමා ඇණවුම් කළ භාණ්ඩ ලැබෙන තෙක් දින ගණන් බලාසිටීමට අවශ්‍ය නොවේ. දිවයින පුරා නගර 60 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරෙමින් ක්‍රියාත්මක වන dMart අධිවේගී බෙදාහැරීම් ක්‍රමවේදය නිසා එක් දිනයක දහවල් 3. 00 දක්වා ඇණවුම් කෙරෙන භාණ්ඩ කට්ටලය එදිනම බෙදාහැරෙන අතර දහවල් 3. 00 ට පසු ලැබෙන ඇණවුම් ඊළඟ දිනයේ බෙදාහරිනු ලැබේ. dMart ක්‍රියාත්මක කරනු ලබන මෙම අධිවේගී බෙදාහැරීම් ක්‍රමවේදය නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවසටම ලැබෙන තෙක් පාරිභෝගිකයාට වැඩිවේලාවක් බලාහිඳීමට අවශ්‍ය නොවන අතර තමාගේ අනෙකුත් කාර්යයන් සඳහා වැඩි අවධානයක් ලබාදී කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ.

    පාරිභෝගික ඔබ දිවයිනේ කොතැනක සිටියත් රු. 99ක් වැනි සුවිශේෂී බෙදාහැරීමේ සේවා ගාස්තුවකට ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔබේ නිවසටම ලබාදීමට dMart අධිවේගී බෙදාහැරීම් සේවය කටයුතු කරයි.

    දින 14 ක් දක්වා දීර්ඝ කළ නැවත භාරදීමේ ක්‍රමවේදය සමග DarazMall ඉදිරිපත් කරනු ලබන 100% ක් නියම තත්ත්වයේ සහ විශ්වාසනීය සන්නාම රැසක පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී Unilever store වෙතින් සිදු කෙරෙන රුපියල් 1000 ට වැඩි මිලදී ගැනීම් වලදී Samsung Galaxy M11 ජංගම දුරකතන දිනාගැනීමේ අවස්ථාව දැන් හිමිකරගත හැකිය. සෞඛ්‍ය හා සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී Reckitt Benckiser/Mead Johnson Nutrition වෙතින් Samsung Galaxy A32 ජංගම දුරකතන දිනාගැනීමේ අවස්ථාව ද හිමිකරගත හැකිය.

    තෝරාගත් Daraz Mall තෝරාගත් dMart සමග අත්වැල් බැඳගෙන සිටින අතර Unilever  සහ Mead Johnson  ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දක්වයි. Janet, Marvel, Hemas සහ Reckitt Benckiser ස්වර්ණමය අනුග්‍රාහකත්වයත් Drypers, Maliban, Nivea, Revlon, Farlin සහ Ancient Nutraceuticals රජතමය අනුග්‍රාහකත්වයත් dMart වෙත එක්කොට තිබේ.

    dMart නිෂ්පාදන පමණක් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී වරප්‍රසාදයක් ලබාදෙමින් Daraz දිවයිනේ ප්‍රමුඛතම බැංකු රැසක් සමග එක්ව ක්‍රෙඩිට් කාඩ් සඳහා 10% l වට්ටමක් සහ සියළු මාස්ටර් කාඩ් සඳහා 12% ක අතිරේක වට්ටමක් පිරිනැමේ. (කොන්දේසි අදාල වේ)

    dMart සමග එක්ව සංචරණ සීමා සමයේ ඔබේ පාරිභෝගික භාණ්ඩ අවශ්‍යතා නොපමාව ඉටු කරගන්නට අදම Daraz app එක ඩවුන්ලෝඩ් කරගන්න.