අන්තර්ජාල සහ විදුලිසංදේශ ක්ෂේත්‍රයේ Effie සම්මානයෙන් HUTCH පිදුම් ලබයි

    May, 16, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන Hutch හි "Always Internet" ප්‍රචාරක වැඩසටහන Effie සම්මානයෙන් පිදුම් ලබයි. පසුගිය සතියේ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවති Effie සම්මාන උළෙලේ දී අන්තර්ජාල සහ විදුලිසංදේශ ක්ෂේත්‍රය සඳහා වන Effie සම්මානය Hutch වෙත හිමිවිය. මෙම "Always Internet" ප්‍රචාරක වැඩසටහන සර්වා ඉන්ටග්‍රේටඩ් ආයතනයේ සංකල්පයක් මත නිර්මාණය විය.

    ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන Effie සම්මාන උළෙල වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු ආයතන විසින් සිය පාරිභෝගික ආයතන වල ව්‍යාපාරික සාර්ථකත්වය උදෙසා ඉටුකරන මෙහෙවර ඇගයීමට ලක් කරන සම්මාන උළෙලකි. ලොව පුරා රටවල් 42 ක සහ කලාප 6ක මෙම Effie සම්මාන උළෙල පැවැත්වෙයි. Sri Lanka Institute of Marketing (SLIM) හා එක්ව වසර 2008 සිට ශ්‍රී ලංකාවේ මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

    මෙම ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් Hutchහි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා Hutch අඛණ්ඩව කැපවී කටයුතු කරන බවයි. අඛණ්ඩව ඉහළ යන පාරිභෝගික ජාලය Hutch හි විශිෂ්ඨ තානාපතිවරුන් ලෙස සලකන බව ද හෙතෙම සඳහන් කළේය. පාරිභෝගික ජනතාව වෙත විවිධ වටිනා සේවාවන් පිරිනමමින් ඔවුන් සමඟ මනා සබඳතාවක් පවත්වාගැනීමට නිරතුරුවම කටයුතු කරන Hutch අන්තර් ජාල සබඳතා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ සිතට කා වදින ප්‍රචාරක වැඩසටහනක් දියත් කළ බවත් එම වැඩසටහන සඳහා SLIM Effie සම්මානය හිමිවීම සතුටට කරුණක් බවත් පෙන්වා දුන්නේය.

    සර්වා ඉන්ටග්‍රේටඩ් හි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ජයසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කලේ Hutch සඳහා දෙවන වරටත් සම්මාන හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. මෙහිදී වර්ධනයේ ප්‍රතිඵල පමණක් නොබලා නිර්මාණ කාර්යය සඳහා උපරිම සහය ලබාදුන් Hutch කණ්ඩායමට ස්තුතිවන්ත වන බවද හෙතෙම පැවසීය.