අපේ රට අපේ පොහොරින් ස්වයංපෝෂිත කිරීමට මහජන බැංකුවෙන් සාරභූමි ණය යෝජනා ක‍්‍රමය

    May, 17, 2021

    වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය ගෙන වැඩපිළිවෙලට සවියක් වීමේ අරමුණින් පොහොර, පළිබෝධනාශක, වල්නාශක දේශියව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මහජන බැංකුව සාරභුමි ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙයි.

    මේ යටතේ  සහනදායි පොලි අනුපාත මත ආයෝජන සඳහා උපරිම වසර 10 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ද, කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර 3 ක ආපසු ගෙවීමේ කාලයක් ද හිමිවේ.

    මෙම ණය මුදල සඳහා සුදුසුකම් ලැබීමට පොහොර නිෂ්පාදකයින් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අදාළ සහතිකය ලබාගත යුතු අතර, පලිබෝධනාශක හා වල් නාශක නිෂ්පාදකයින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන්(ORP-)අදාළ බලපත‍්‍රය ලබාගත යුතුය. පොහොර නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික විශේෂඥතාවයක් තිබිය යුතුවේ. එමෙන්ම ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ශක්‍යතාවයෙන් යුතු ඒවා විය යුතුය. පොහොර මිලට ගැනීම සඳහා රජය සමඟ ගිවිසුමක් තිබීමත් අනිවාර්ය වේ.

    ශාඛා 741 කින් සුසැදි දිවයින පුරා විසිරි සිය සේවා ජාලයේ  ඕනෑම ශාඛාවක් හරහා මේ ණය සැලසුමට  අදාළ ණය මුදල් පිරිනැමීමේ  පහසුකම් සළසා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මේ පිළිබ`ද වැඩි විස්තර දුරකථන අංක 0112481356 අමතා  ලබාගත හැක.