අපේ විදේශ සංචිතය වසර තුනකට පසුව අඩුම අගයට වැටේ. රන් සංචිතයත් පහළට

    April, 4, 2015

    2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා කර තිබෙන බව අනාවරණය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2015 මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටී තිබෙන අතර පසුගිය පෙබරවාරි මාසයේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7.4 ක් විය.

    මීට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූ 2012 පෙබරවාරි මාසයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.7 ක් විය.

    මේ අතර, අනාවරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබෙන රන් තොගයේ වටිනාකමද ගෙවුණු මාර්තු මාසයේදී ඩොලර් මිලියන 848.8 ක් දක්වා පහත වැටුණු බවත් ගෙවුණු පෙබරවාරි මාසයේදී එහි වටිනාකම ඩොලර් මිලියන 866 ක්වූ බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කළ යුතු ගෙවීම් හමුවේ මෙරට විදේශ සංචිතය කෙරෙහි පීඩනයක් ඇතිවී තිබේ.