1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනතේ 5(1) වගන්තියේ සඳහන් වේ.
එහෙත්, එකී විධිවිධාන පරිදි වරාය විෂයභාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු එම අධ්යක්ෂ මණ්ඩලයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසී නොමැත.
අදාළ තීරණ ගැනීමේදී විෂයභාර අමාත්‍යාංශයේ නියෝජනයක් පැවතීම වඩාත් යෝග්‍ය බැවින්, ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනතේ 5(1) වගන්තිය සංශෝධනය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.