අර්ථසාධක අරමුදල සමාගම් 6 ක කොටස් ආයෝජන සම්පූර්ණයෙන් විකුණයි

    February, 2, 2021

    මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සමාගම් 6 ක කොටස් ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී අරමුදල විසින් ACL ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, Chemanex, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මල්වත්ත වැවිලි සමාගමේ ඡන්ද බලය හිමි හා නිෂ්ඡන්ද කොටස්, සෙලාන් ඩිවලොප්මන්ට්ස් යන ආයෝජනය සම්පූර්ණයෙන් විකුණා දමා ඇත.

    මෙම කාර්තුව තුළ දී නව ආයෝජන ලෙසින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් 4,173,801 ක් මිල දී ගැනීමට අරමුදල කටයුතු කර ඇත.

    මේ අතර අරමුදල විසින් ආයෝජනය කර තිබූ ඩර්ඩන්ස් රෝහල් සමාගමේ කොටස් 250,906 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් 1,750,609 ක්, හේලීස් පීඑල්සී හි කොටස් 2,387,818 ක් සහ නවලෝක රෝහල් සමාගමේ කොටස් 2,001,775 ක් විකුණා දැමීමට ද පසුගිය කාර්තුව තුළ දී කටයුතු කර තිබේ.

    2020 සැප්තැම්බර් 30 දිනට අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක ආයෝජනය කර තිබූ අතර එය 2020 දෙසැම්බර් 31 අවසානයේ දී වාර්තා වන්නේ සමාගම් කොටස් 74 ක් වශයෙනි.

    මෙම සමාගම් කොටස් 74 හි අරමුදල විසින් ආයෝජනය කර ඇති මුළු මුදල රු. බිලියන 83.46 ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට මේවායේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 70.80 ක් ලෙසින් වාර්තා වේ.

    2020 දෙසැම්බර් 31 දිනට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන ලැයිස්තුව පහත පරිදි වේ.