අලියාන්ස් ලංකා සමාගම Million Dollar Round Table සුදුසුකම් ලැබූ විශිෂ්ටයන් සමරයි

    June, 13, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස්, 2022 වසරේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ සාමාජික සාමාජිකාවන්ට උපහාර දැක්වීම සඳහා විශේෂ උපහාර උළෙලක් පසුගියදා පැවැත්වීය. මෙම උත්සවයේදී, අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රථම MDRT ‘Top of the Table’ සුදුසුකම්ලාභියා ඇතුළුව සියලුම MDRT සුදුසුකම්ලාභීන් මෙන්ම, අලියාන්ස් සමාගම තුළ විශිෂ්ට තලයේ අලෙවි නියෝජිතයන් නිර්මාණය කිරීම සඳහා කැපවුණු කලාප සහ ශාඛා අලෙවි ප්‍රධානීහුද ඇගයීමට ලක්වූහ.

    උත්සවයෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත් වූ අතර, සුදුසුකම් ලැබූවන්ට කළමනාකාරිත්වය සමඟ සුහදව කතාබහ කරමින් ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීමට අවස්ථාව සලසා දෙන ලදී. මෙම උත්සවය අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි දේශීය කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී මහතා, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් One Galle Face හි පිහිටි අලියාන්ස් ලංකා නව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් ඇලන් ස්මී මහතා සහ ජයලාල් හේවාවසම් මහතා එක්ව ප්‍රකාශ කර සිටියේ "අපගේ MDRT සුදුසුකම් සහ ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අපි බෙහෙවින්ම ආඩම්බර වෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම සේවාවක් සැපයීම සඳහා අප කැප වී සිටින බව, ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මඟින් පිළිබුඹු වෙයි. අපි සැමවිටම අපගේ සේවකයින්ට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා වගේම අප හා එක්ව වැඩ කිරීමට අශාවක් දක්වන අයට සැමවිටම අපගේ දොරටු විවරව පවතී. මේ නිසාම අලියාන්ස් ලංකා අපි සැමවිටම අපගේ සේවකයන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා විශාල අවධානයක් යොමු කොට ඇති අතර ඔවුන්ව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කරන්නෙමු" යනුවෙනි.

    MDRT යනු ඔවුන්ගේ අදාළ ක්ෂේත්‍රවල සුවිශේෂී දැනුම, කුසලතා, පළපුරුද්ද සහ සේවාදායක සේවාව ප්‍රදර්ශනය කරන ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයන්ගේ ගෝලීය ස්වාධීන සංගමයකි. MDRT සුදුසුකම් හිමිකර ගැනීම ඕනෑම මූල්‍ය වෘත්තිකයෙකු සඳහා සැලකිය යුතු ජයග්‍රහණයක් වන අතර, එය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා කර්මාන්තයේ විශිෂ්ටත්වයේ ඉහළම ප්‍රමිතීන්ගෙන් එකක් ලෙස සැලකේ.

    ඉහළම තලයේ රක්ෂණ සේවාවන් සපයන අතරම විශිෂ්ටතම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන අඛණ්ඩ උත්සාහයේ පියවරක් ලෙස, සමාගමේ MDRT සුදුසුකම්ලාභීන් ඇගයීමට ලක්කළ මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙය සමාගමේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට ආදර්ශයක් වන බවත්, එමගින් ඔවුන් සෑමවිටම ඉහළම ගුණාත්මකභාවයකින් යුතුව සේවාවන් සැපයීමට පෙළඹෙන බවත් සමාගමේ නායකත්ව කණ්ඩායම විශ්වාස කරයි.

    අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.),  ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.