අලුත් අවුරුද්දේ ගෙදර යන ගමනට සෙනෙහසත් සහනයත් එක් කරමින් Allianz අවුරුදු නෑගම් යළිත්

    April, 20, 2026

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පවුලේ උණුසුම, සම්ප්‍රදායිකත්වය සහ ආදරණීයයන් වෙත යළි එක්වන සතුට එක්තැන් වන සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයකි. ඒ වගේම, බොහෝ දෙනෙකුට එය ගෙදර යාමේ බලාපොරොත්තුව සමඟ මඟ දිගු වුවත් හිත පිරෙන ගමනකි. එවැනි අවස්ථාවක, Allianz Lanka සමාගම තම ‘අවුරුදු නෑගම්’ වැඩසටහන දෙවැනි වරටත් ක්‍රියාත්මක කරමින්, අලුත් අවුරුදු සමයේ නෑගම් යන ශ්‍රී ලාංකික පවුල් වෙත තවත් සමීප වී තිබේ.

    පසුගිය වසරේ ලැබුණු ඉහළ ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින්, 2026 Allianz අවුරුදු නෑගම් වැඩසටහන මෙවර සැලසුම් කර තිබුණේ ගෙදර යන ගමන තව ටිකක් පහසු, ආදරණීය සහ මතක හිටින අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණෙනි. ඒ අනුව, මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව. 2.30 ට ආරම්භ වූ ගාලු කුමාරි දුම්රිය ගමන්වාරයේ සුදුසුකම් සැපිරූ මගීන්ට ප්‍රවේශපත්‍ර ගාස්තු ආපසු ලබාදීමට Allianz කටයුතු කළ අතර, එමගින් සිය ආදරණීයයන් සමඟ අලුත් අවුරුද්ද ගත කිරීමට නිවෙස් බලා ගිය මගීන් පිරිසකට සහනයක් සැලසිණි.

    මරදාන සහ කොටුව දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කර ගාල්ලෙන් ඔබ්බට බෙලිඅත්ත දක්වා ගමන් කළ මගීන් මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබා තිබුණි. වසරේ අතිශය අර්ථවත් සමයකදී, ගෙදර යාමේ වියදම තරමක් හෝ සැහැල්ලු කිරීම මෙහි අරමුණ විය. උත්සව අවසන් වුවද, වියදම් එතැනින් අවසන් නොවන බව හොඳින් දන්නා Allianz, අප්‍රේල් 30 දක්වා ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව දීර්ඝ කරමින්, අලුත් අවුරුද්දෙන් පසු නැවත කොළඹට පැමිණීමේ බරද අඩු කිරීමට කටයුතු කළේය.

    මෙයට අමතරව, අලුත් අවුරුද්දේ හැඟීම තවදුරටත් සමීප කරමින්, මරදානෙන් දුම්රියට ගොඩවූ මගීන් වෙත සම්ප්‍රදායික කැවිලි බෙදාදීමට Allianz කටයුතු කළේය. එමඟින්, නිවෙස් බලා යන මේ ගමන අතරතුරද අලුත් අවුරුද්දේ හුරුපුරුදු රසය සහ ගෙදර මතකය ඔවුන් වෙත සමීප කළ අතර, ඒ සෙනෙහස පවුලේ ආහාර මේසය වෙත රැගෙන යාමටද අවස්ථාව උදා විය.

    අලුත් අවුරුදු සමයේදී ගමනක සතුට සමඟ ආරක්ෂාවද එකසේ වැදගත් බව සැලකිල්ලට ගනිමින්, ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ මගීන්ට නොමිලේ Allianz Personal Accident Insurance (පුද්ගල අනතුරු රක්ෂණයක්) ලබාගැනීමේ අවස්ථාවද සලසා තිබුණි. එමඟින්, ආරක්ෂාව යනු ගමනක් නිමා වන තැන නවතින්නක් නොව, මිනිසුන් යන සෑම තැනකම ඔවුන් සමඟ සිටිය යුතු දෙයක් බව Allianz පෙන්වා දී තිබේ.

    එමෙන්ම, මෙම මගීන් රුපියල් මිලියනයක Raffle Draw වැඩසටහනකටද ඇතුළත් කර තිබූ අතර, එහි ජයග්‍රාහකයාට තමන් කැමති අලෙවිසැලකදී භාවිත කළ හැකි Shopping Vouchers දිනාගත හැකිවන ලෙස කටයුතු සූදානම් කර තිබුණි. එය අලුත් අවුරුද්දේ සතුට එතැනින් නොනවත්වා, ඉන් අනතුරුවත් පවුල්වලට සහනයක් ගෙන යන අමතර අගයක් බවට පත්විය.

    කොටුව දුම්රිය ස්ථානයේදී, Allianz මෙම Avurudu Negam අත්දැකීම මගීන්ට පමණක් සීමා නොකර, එහි රැඳී සිටි ජනතාව සමඟද බෙදාගත්තේය. අලුත් අවුරුදු සමයේ දුම්රිය ස්ථාන යනු ගම් බිම් බලා යන මිනිසුන් පමණක් නොව, ආදරණීයයන් පැමිණෙන තෙක් බලා සිටින පවුල්, සතුටින් පිරුණු දරුවන් සහ ආදරණීයයන් වෙත යළි යන අපේක්ෂාවන් සිටින්නන් එක්වන හැඟීම්බර ස්ථානයක් බව හඳුනාගනිමින්, Allianz සරල නමුත් අර්ථවත් ක්‍රියාකාරකම් සහ Raffle Draw වැඩසටහන් හරහා එම කඩිමුඩිය මැද ප්‍රීතිමත් මොහොතක් නිර්මාණය කළේය. ඒ තුළින්, තෑගි පමණක් නොව, අලුත් අවුරුද්දේ සතුටද නිවසට රැගෙන යාමට පවුල්වලට හැකි විය.

    Allianz Avurudu Negam හරහා, Allianz Insurance Lanka සමාගම රක්ෂණ සේවාවකට ඔබ්බට ගොස්, මිනිසුන්ගේ දෛනික ජීවිතයේ සැබෑ අවස්ථාවන් සමඟ සම්බන්ධ වෙමින්, සම්ප්‍රදායන්ට වටිනාකමක් එක් කරමින්, වැදගත්ම මොහොතවලදී ශ්‍රී ලාංකික පවුල් සමඟ සිටින බව යළිත් තහවුරු කර තිබේ.