අලූත්ම Jaguar XE රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    November, 30, 2015

    ශ්‍රී ලංකාවට Jaguar රථ ආනයනය කරන බලයලත් සමාගම වන රීජන්සි ඔටෝමෝබයිල්ස් (පුද්.) සමාගම පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී නවතම Jaguar XE රථය මෙරටට හඳුන්වා දුන්නේ ය. Jaguar මාදිලි පෙළෙහි සිවුවැනි රථය වන මෙය Sports Saloon සංකල්පයට නව අරුතක් ලබාදෙන අතර එම කාණ්ඩයේ ‘Driver’s Car’ ලෙස ජනප්‍රියත්වය දිනාගනු ඇත. බරෙන් අඩු වීම, අලංකාර නිමාව, සුඛෝපභෝගී ඇතුළත, ගමනේ පහසුව සහ හොඳින් හැසිරවීමට හැකිවීම යනාදිය Jaguar සමාගමේ නිර්මාතෘ වන විලියම් ලියෝන්ස්ගේ දැක්ම වූ ‘මෝටර් රථයක් යනු අප නිපදවන දේවල් අතරින් සජීවී දෙයකට ආසන්නම දෙයයි‘ යන්න යළිත් වරක් තහවුරු කරන්නකි.

    “විශිෂ්ට ලෙස හැසිරවීමට හැකිවීම සහ සුඛෝපභෝගී බව යන ගුණාංග සමබරව ඇතුළත් රථ ලෙස න‍්ටම්ර රථ ප්‍රසිද්ධියක් උසුලන අතර එය තවදුරටත් තහවුරු කරන නවීනතම Jaguar XE රථය මෙරටට හඳුන්වා දීමට ලැබීම විශාල සතුටක්. මෙය ඉතාමත් සැහැල්ලූ ඇලූමිනියම් නිමාවක් සහිත දියුණුතම Sports Saloon වර්ගයේ රථයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.˜ රීජන්සි ඔටෝමෝබයිල්ස් (පෞද්ගලික) සමාගමේ සභාපති ආතර් සේනානායක මහතා පැවසීය.

    සිලින්ඩර 4 පෙට්රල් එන්ජිමක් සහිත පසුපස රෝද මගින් ධාවනය වන අලූත්ම XE රථය පැයට කිලෝමීටර 250 ක උපරිම වේගයකින් සහ 170g/km, CO2 කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. Direct Injection, Variable Valve Timing සහ Turbo Boosting තාක්ෂණයන් සහිත නිසා එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉතාමත් මෘදු මෙන්ම බලවත් ය. එමෙන්ම මෙහි ඉතාමත් මෘදුව ගියර මාරු වන වේග 8 ස්වයංක්‍රීය ගියර පද්ධතියක් තිබීම තවත් විශේෂත්වයකි.

    මුලින්ම Jaguar XF සහ XJ රථවලට හඳුන්වා දුන් ටර්බෝචාර්ජ්ඩ්, ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්, ලීටර 2, සිලින්ඩර 4 පෙට්‍රල් එන්ජිමෙන් අලූත්ම Jaguar XE රථයද පණ ලබයි. තවත් වැඩිදියුණු වී පැමිණෙන මෙම එන්ජිම 200 hp බලයකින් යුක්ත වන අතර පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගය ළඟාකරගැනීමට ගතවන කාලය තත්පර 7.7 කි. Aluminum-Intensive තාක්ෂණය සහිත Jaguar XE රථය Jaguar සහ Land Rover රථවල නව සැලසුම් මාදිලිය සඳහා වන ප්‍රථම උදාහරණයයි.

    Jaguar XE රථය හඳුන්වා දෙනු ලබන්නේ අලූත්ම එන්ජින් මාදිලි කාණ්ඩයකට අයත් Ingenium එන්ජිමක් සමගිනි. මෙය පෙට්‍රල් වාහනවල ක්‍රියාකාරීත්වය හා කාර්යක්ෂමතාව තවත් වැඩිකිරීම සඳහාම සැලසුම් කර තිබේ.

    රථයේ ඇතුළත ඛෙහෙවින් සුවපහසු වන අතර වැඩි ඉඩකඩකින්ද යුක්ත ය. සාමාන්‍යයෙන් Jaguar රථවල දක්නට ලැඛෙන ශිල්පීය නිපුණත්වය මානව පෙන්නුම් කරන ඇතුළත නිමාව නිසා එය මෙම කාණ්ඩයේ විශිෂ්ටතම අභ්‍යන්තර නිමාවක් සහිත රථය බවට නිතැතින්ම පත්වේ. එමෙන්ම මේ අතරට එක්වන නවතම අඟල් 8 ස්පර්ශ තිරය මෙම රථයේ විශේෂත්වය තවත් වැඩිකරනු ඇත.

    දැනට පවතින දියුණුතම Driver Assist පද්ධතියද Jaguar XE රථයට ඇතුළත් වී තිබේ. එමෙන්ම මීට එක් කර ඇති, ලිස්සනසුලූ මාවත්වල පවා සැ‚න් ඝර්ෂණය වැඩිකර ලිස්සා යාම වැළැක්වීමේ හැකියාව සහිත All Surface Progress Control (ASPC) පද්ධතිය සමාගම මගින් දශක ගණනක් තිස්සේ ලද අත්දැකීම් පදනම් කරගෙන දියුණු කරන ලද්දකි. ඊට අමතරව Head-up Display (HUD) පද්ධතිය වාහනයේ වේගය හා අනෙකුත් තොරතුරු සෘජුව හිරු එළිය වැටෙන අවස්ථාවලදී පවා ඉතාමත් පැහැදිලිව ලබා දෙයි. එමෙන්ම එය දැනට පවතින අනෙකුත් පද්ධතිවලට සාපේක්ෂව කුඩා සහ බරෙන් අඩු පද්ධතියක්ද වේ.

    අලූත්ම Jaguar XE රථය මෙතෙක් වඩාත්ම වායුගතික විද්‍යානුකූලව සැලසුම් කළ (Aerodynamic) Jaguar රථය ලෙසද හඳුන්වා දිය හැක. එමෙන්ම එය වැඩි ප්‍රතිචාර ලබාදෙන, හයිඩ්‍රොලික පද්ධතිවලට වඩා අඩු බලශක්තියක් භාවිතා කරන විශේෂ විද්‍යුත් බල සුක්කානම් (Electric power steering) පද්ධතියකින්ද යුක්ත ය. ඊට අමතරව මෙම රථය සියලූ Jaguar මාදිලි අතර නඩත්තු වියදම් අඩුම සහ පරිසර හිතකාමීම රථයක්ද වේ. XF සහ XJ මාදිලිවලට පහළින් ස්ථානගත වී ඇති Jaguar XE රථය යනු න‍්ටම්ර මෝටර් රථ මාදිලි එකතුව සම්පූර්ණ කරන රථයයි.