අවුරුදු නිවාඩුවෙන් පසු මුල්ම දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

    April, 15, 2026

    දින 4ක දිර්ඝ සතිඅන්තයකින් පසු පළමු වරට අද (15) දිනයේ දී ගනුදෙනු සඳහා විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, දිනය තුළ සාර්ථක කාර්යසාධනයක් වාර්තා කරන ලදී.

    අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 132.82ක ඉහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,261.48ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා විය. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 0.60%ක ඉහළ යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 22.26ක ඉහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,174.99ක් ලෙසින් සටහන්ව තිබුණි.

    රු. බිලියන 3.05ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.