October, 13, 2022
දේශීය කර්මාන්ත ගොඩනැගීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ප්‍රතිපත්තිමය මඟපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව කර්මාන්ත විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය හා ආයෝජන වැඩ පිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන් හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම කාර්යයන් හා කර්තව්‍යයන් ලෙස දක්වමින් චාමර සම්පත් දසනායක හා ප්‍රසන්න රණවීර යන කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
එහි සඳහන් පරිදි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් චාමර සම්පත් දසනායක හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරුන් හට පවරා ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් පහතින් දැක්වේ.

Video Story