June, 13, 2024
ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ කිසිදු අහිතකර එකඟතාවයක් ඇතිකර ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තෙවැනි වාරිකය අනුමත වීමන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
"ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනේ අවසාන අදියරේ දැන් අපි ඉන්නේ. මම කණගාටු වෙනවා මගේ මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා ඊයේ දිනයේ අනුමත වීමට නියමිතව තිබුණු විධායක මණ්ඩලයේ සාකච්ඡාවට පෙර ඇවිල්ලා කියනවා අනුමත වීම සිදුවෙයි, ඒක හොඳයි, ඒ අනුමත වීම සිදුවෙන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගන්නා අහිතකර එකඟතා මත කියලා. අපි කිසිම අහිතකර එකඟතාවයකට ගමන් කරලත් නැහැ. කිසිම අහිතකර එකඟතාවයට එකඟවෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩලබා දෙන්නෙත් නැහැ. අපේ ණය හිමියන් අපට එහෙම බලපෑමක් කරලත් නැහැ", යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය.
Video Story