• Ada Derana BIZ Sinhala
  • BOI
  • investors
  • sri lanka

ආයෝජකයින් සඳහා සුපිරි පහසුකම් මධ්‍යස්ථානයක් විවෘත වෙයි

October, 19, 2022

දශක හතරක් පුරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමේ අත්දැකීම් මුල් කොට ගෙන ආයෝජකයන්ගේ අවශ්‍යතා මනාව අවබෝධ කොටගෙන ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආයෝජන මණ්ඩලයේ මේ වන විට ස්ථාපිත කර ඇත.

මෙය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණෙහි 27වන මහලෙහි ස්ථාපිත කර තිබේ.

මෙමඟින් ආයෝජන අනුමැතිය විධිමත් කරන අතරම ආයෝජකයන්ට කාර්යක්ෂම සහ බාධාවකින් තොරව තම ආයෝජන ක්‍රියාවලිය සඳහා නියෝජිත ආයතන සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදුකර ගැනීමට අවකාශ සලසා ඇත.

ආයෝජකයින්ට තොරතුරු සැපයීමේ අංශය, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අංශය, ආයෝජන අන්තර් නියෝජිත ආයතන, ඉංජිනේරු අනුමැතිය, පරිසර සහ නීති දෙපාර්තමේන්තු යන අංශවලින් මෙම ආයෝජන පහසුකම් මධ්‍යස්ථානය සමන්විත වේ.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී සහ ඳරවා ගැනීමේදී ඳහුනාගෙන ඇති ප්‍රදාන බාධාවක් වන්නේ ආයෝජන අනුමැතියන් ලබාදීමේ ප්‍රමාදයන් සහ ආයෝජකයන්ට දැරීමට සිදුවන අනවශ්‍ය වියදම්ය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් සිථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට රේඛීය ආයතන විශාල සංඛ්‍යාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වී ඇත.

විදේශ ආයෝජකයා තම ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීම ඳසහා විවිධ රේඛීය ආයතන ඳසහා ගමන් කිරීමටත් විවිධ අංශ වෙත යොමු වීමටත් සමස්ථ ආයෝජනයන් අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ හා කාලය වැයවන ක්‍රියා පටිපාටියක් වී ඇති බව හදුනාගත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එහිදී ආයෝජකයන්ගේ කාලය මුදල් කාර්යක්ෂම ලෙස පරිහරනය කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා තම ආයෝජන මධ්‍යස්ථානයේ මූලික අරමුණ ලෙස සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරයක් වනුයේ ආයෝජන ක්‍රියාවලිය හා ක්‍රමවේදයන් ඩිජිටල්කරණයට ලක් කිරීමයි. මෙහිදී මෙම මධ්‍යස්ථානය සුවිශේෂි පරිගණක කළ පද්ධතියකින් සමන්විත වේ. මෙමගගින් තම ව්‍යාපාර අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය වෙත ලගා විය හැකි ආයෝජකයින් පිළිබඳ තොරතුරු සහ ආයෝජකයින් අයදුම්පත් ඉදිරිපත් කල පසු එම තොරතුරුද ආයෝජන මණ්ඩල කළමණාකරන තොරතුරු පද්ධතිය හා යාවත්කාලීන වේ.

විශේෂයෙන් රේඛීය නියෝජිතා ආයතන අනුමැතිය ලබා ගැනීමේදී සපයන ලද සේවාවන් මත, ආයෝජකයින්ගේ ප්‍රතිචාර ලබා ගැනීම මගින් මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සංසන්දනය කිරීම සඳහා කාර්ය සාධන තක්සේරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කොට ඇත.

Video Story

Stock Market

Exchange Rates