• Ada Derana BIZ Sinhala
  • Africa
  • investors
  • sri lanka

“ආයෝජකයෝ ඉන්නේ අප්‍රිකාවට යන්න බලාගෙන“

December, 21, 2022

බොහෝ විට පවතින වාතාවරණය හමුවේ මෙරට සමාගම්වල කඩා වැටීමක් සිදුවුවහොත් ආයෝජකයින්ට යම් පියවරක් ගැනීමට සිදුවන බවත්, ඔවුන් මේ වන විට ඉතාමත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් වන අප්‍රිකානු කලාපය වෙත විතැන් විය හැකි බවත්, නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පවසයි.

“මේ වෙන කොට ඉතාම ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බවට අප්‍රිකානු උප සහරා කලාපය පත්ව තිබෙනවා. මේ කලාපයට යන්න ඕන තරම් ආයෝජකයෝ බලා ගෙන ඉන්නවා. අපේ රටවල්වලට වඩා ගොඩාක් පහසුකම්, ඒ වගේම මිල අඩුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්.“


 

 

 

 

Video Story

Stock Market

Exchange Rates