ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    February, 2, 2021

    ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
    එම සමුළුව සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යවරු 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන ජාත්‍යන්තර බැංකු හා සමාගම්වල විධායක නිලධාරීන්, දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළුව 3,000 - 4,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇත.
    යෝජිත සමුළුව 2022 මැයි මස 02 දින සිට 05 දින දක්වා දින 04ක කාලයක් තුළ පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව ඊට අදාළ වෙනත් රැස්වීම් හා උත්සව ගණනාවක් ද පැවැත්වීමට නියමිතය.
    ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව 2022 මැයි මසදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත්, ඊට අදාළව ආසියානු සංවර්ධන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.