ඇඟලුම් අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක්

    December, 2, 2022

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ (Apparel Sector) අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 දෙසැම්බර් 08 වන දින පෙ.ව. 9:30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ඇඟලුම් අංශයේ ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

    මෙම අන්තර්ජාල සැසිය ඔස්සේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළු වීමට සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හා නව ව්‍යවසායකයින් හට ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තරය තුළ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අදහස් කෙරේ.

    එහිදී ගෝලීය ඇඟලුම් වෙළෙඳපොළ සහ ප්‍රවණතා, ක්ෂේත්‍රය පිළිබඳ ලෝක අපනයන සංඛ්‍යාලේඛන, වත්මන් අපනයන භූ දර්ශනය, අපනයන හැකියාවන් ආදී මාතෘකාවන් පිළිබද සාකච්ජා කිරීමට නියමිතයි

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ  කාර්මික නිෂ්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා එස්. ඒ. ජී. සමන්ති මහත්මිය විසිනි.

    මෙම වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන මෙය වන අතර මීට පෙර ආහාර හා පාන, පළතුරු එළවළු, පොල් ආශ්‍රිත නිශ්පාදන, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන යන ක්ෂේත්‍ර ආවරණය කරන ලදි.

    සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා https://www.edb.gov.lk/event/exportmarkets යන වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. අපනයන ප්‍රවර්ධන නිලධාරිනී නිපුණි මුණසිංහ මහත්මිය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.  (nipuni@edb.gov.lk / Tel: 0112300716)