ඇමති චම්පික විදුලි කාර් රැල්ලක් අරඹයි

    April, 8, 2015

    විදුලි මෝටර් රථ ආරෝපණය කළ හැකි මෙරට පළමු විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානය විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී අද විවෘත කළේය.

    මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද සහභාගී කර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල් සහ නිවාසවල මෙම ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට අදහස් කර තිබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මීට පෙර සඳහන් කර තිබුණි.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ අලුයම 1.00 සිට 4.00 දක්වා විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේදී නව අයක්‍රමයක් හඳුන්වා දීමටද බලාපොරොත්තු වන බවයි.

    අතුරු අයවැය මගින් විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවී තිබේ.