ඉඩකඩ සඳහා නව අරුතක් දෙන KIA ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථය ලංකාවට හඳුන්වාදෙයි

    May, 8, 2015

    ඉඩකඩ ඇති වාහනයකට නව අරුතක් රැුගෙන එන KIA සමාගමේ නවතම බහු කාර්ය වාහනය (MPV) වන KIA ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථය, ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඞ්හි ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදී ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.

    ඉතාමත් පහසුවෙන් 07 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති මෙම රථය ආසන පේළි තුනකින් සමන්විත වන අතර අති නවීන තාක්ෂණයෙන් සහ උසස් සැලසුම්කරණයෙන් හැඩවී ඇත. මීට අමතරව, 09 දෙනෙකුට ගමන්කළ හැකි KIA ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථය ලබන දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට බලාපොරොත්තුවේ.

    මෙම රථය සොරෙන්ටෝ SUV රථය සඳහා යොදාගන්නා KIA සමාගම විසින් නිපදවූ R 2.2 CRDi ටර්බෝ ඞීසල් එන්ජිමෙන් සවිබලගන්වන අතර මෙහි වේග 06 ක ස්වයංක‍්‍රීය ගියර් පද්ධතියක් ඇත. සොරෙන්ටෝ SUV රථයට වඩා දිගින් සහ පළලින් වැඩි ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථයේ ඇතුළත ඉඩකඩ එම පන්තියේ වාහන අතර ඉහළම ඉඩ කඩ වන බව සමාගම පවසයි. මේ අනුව, KIA වාහන බෙදාහැරීමේ මෙරට එකම නියෝජිතයා වන KIA මෝටර්ස් (ලංකා) සමාගම සඳහන් කරන්නේ සංචාරක සහ ප‍්‍රවාහන කර්මාන්ත සඳහා මෙන්ම පරිපූර්ණ පවුලේ වාහනයක් ලෙසින්ද මෙය සැලකිය හැකි බවයි.

    ‘‘ග‍්‍රෑන්ඞ් කාර්නිවල් වාහනය සුපිරි සැලසුමක සහ අති නවීන උපාංගවලින් මෙන්ම ධාවනය කිරීමේදී ඇති වන ප‍්‍රායෝගික අවශ්‍යතා පිළිබඳව ගැඹුරින් හදාරා කළ නිර්මාණයක ප‍්‍රතිඵලයක්. මෙහිදී, උපරිම සුඛෝපභෝගී පහසුකම් ආර්ථික තත්වයකට ගැලපෙන පරිදි සමබර අයුරින් නිර්මාණය කර තිබෙනවා. ග‍්‍රෑන්ඞ් කාර්නිවල් යනු උසස් බලයකින්, තියුණු බවකින් සහ ක‍්‍රීඩාශීලීත්වයෙන් යුතු වාහනයකට කදිම උදාහරණයක්’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් KIA මෝටර්ස් (ලංකා) සමාගමේ අධ්‍යක්ෂ රොඞ්නි මේසන් මහතා පැවසීය.

    බලාපොරොත්තු වනවාටත් වඩා ඉඩ පහසුකම් සහිත මෙම වාහනයේ අභ්‍යන්තර සැලසුම මගින් රියදුරාට මෙන්ම මගීන්ටද කිසිදු බාධාවකින් තොරව සුවපහසුවෙන් ගමන් කිරීමේ අවකාශය උපරිම වන අයුරින් නිර්මාණය කර තිබේ.

    මීට අමතරව, KIA ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථය ඉතාමත් පහසුවෙන් නඩත්තු කළ හැකි පරිසර දූෂණයට එරෙහි ආසන වලින් සමන්විත වන අතර දෙවන ආසන පෙළ වෙතට ඇතුළු විය හැකි ස්වයංක‍්‍රීයව වැසෙන දොරකින් රථය යුක්තවේ. එසේම, රථයේ හිමිකරු ආසන්නයට පැමිණෙන විට ස්වයංක‍්‍රීයව විවෘත වන ආකාරයෙන් නවීන තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කළ පිටුපස දොර මෙම වාහනයේ සුවිශේෂී නිර්මාණයකි.

    මෙම වාහනයේ තිබෙන අනිකුත් ඇනවුම් කළ හැකි පහසුකම් අතර සූර්යාලෝකය වාහනය තුළට වැටෙන ලෙස වහලේ සකසා ඇති ද්විත්ව දොර, ලෙදර් වලින් නිර්මාණය කර තිබෙන ආසන, සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීය දේශගුණ පාලක ද්විත්ව වායු සමීකරණය, පවර් ඩ‍්‍රයිවර් සහ පවර් මගී ආසන, වේගයට සංවේදී ලෙස නිර්මාණය කර තිබෙන දොර අගුළු සමග ඉදිරිපස පිහිටුවා තිබෙන එයාර් බෑග් වැනි විශේෂාංග වේ.

    KIA ග‍්‍රෑන්ඞ් කාර්නිවල් රථයේ මිල ගණන් රුපියල් මිලියන 08 ක සිට ආරම්භ වන අතර මේ සමග KIA සමාගම විසින් පිරිනමන කිලෝ මීටර් 100,000 ක හෝ අවුරුදු තුනක වගකීම් කාලය හිමිවේ.G01