July, 20, 2023
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ පහසුකම් සේවා සැපයීමේ ආයතනයක් වන ජනශක්ති ලයිෆ්, ලෝකයේ විශිෂ්ටතම රක්ෂණ සමාගම්, වෘත්තීය විශිෂ්ටයන් සහභාගීවන නව රක්ෂණ සංකල්ප සහ අසමසම රක්ෂණ විසඳුම් අගයමින් ඒවාට සම්මාන ලබාදෙන ගෝලීයව පිළිගත් රක්ෂණ සම්මාන උළෙලක් වූ ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේ දී සිය වෘත්තීය විශිෂ්ටත්වය විදහා පාමින් සම්මාන ද්විත්වයක් දිනාගත්තේය.
ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය සහ නව්‍ය ඩිජිටල් තාක්ෂණ සේවාවන් හඳුන්වා දීම වෙනුවෙන් "Domestic Life Insurer of the Year - Sri Lanka" සහ "Digital Insurance Initiative of the Year - Sri Lanka" සම්මාන ද්විත්වය ලබාගෙන උළෙලේ කැපීපෙනෙනු ජනශක්ති ලයිෆ් ආයතනය, මෙමඟින් සිය වෘත්තීය විශිෂ්ටත්වය මනාව පැහැදිළි කළේය. ආර්ථික විචල්‍යතා මැද රටට සුවිශේෂී රක්ෂණ විසඳුම් හඳුන්වාදීමට මූලිකත්වය ගැනීම වෙනුවෙන් කළ අසමසම කැපවීම මෙම සම්මාන ලැබීම මඟින් තවත් තහවුරු වෙයි.
‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේ දී නොකඩවා දෙවතාවක් "Domestic Life Insurer of the Year" සම්මානය ලබාගැනීමට ජනශක්ති ලයිෆ් ආයතනයට හැකියාව ලැබුණු අතර ශ්‍රී ලාංකික සැමට අසමසම සුවිශේෂී රක්ෂණ විසඳුම් ලබාදීම උදෙසා ආයතනය ගත් කැපවීම මෙයින් ඇගයීමට ලක්විය. එසේම දශක ගණනාවක් දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කරමින් සම්මානයට පාත්‍ර වූ ජනශක්ති ලයිෆ් රක්ෂණ ක්ෂේත්‍රයේ වෙනසක් කරන්නා ලෙස නැඟී සිටිමින් ශ්‍රී ලංකාවේ සැමට ජීවිත රක්ෂණයක අගය ඉහළ නැංවීමට මනා කාර්යයක් සිදුකර තිබේ.
සම්මාන පිළිබඳ සිය අදහස් දැක්වූ ජනශක්ති ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා,“නොකඩවා දෙවැනි වතාවටත් ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේ දී අපට මෙම විශිෂ්ට සම්මාන දිනාගැනීමට ලැබීම ගැන අපිට හරිම සතුටුයි. පාරිභෝගියාට උසස් සේවාවක් ලබාදීම වෙනුවෙන් නොපසුබස්නා කැපවීම සහ රක්ෂණ ක්ෂේත්‍රය විශිෂ්ටත්ව කරා ගෙනයාමට දරණ නොනවතින උත්සහය ඇගයීමට භාජනය වීම පමණක් නෙවෙයි, රක්ෂණ අත්දැකීම් වඩාත් සුමට කිරීමට ඩිජිටල් භාවිතාවන් යොදාගැනීමත් මෙහිදී ඔවුන්ගේ ඇගයීම ලක්වුණා. සියලු ශ්‍රී ලාංකිකයන්ට උසස් රක්ෂණ විසඳුම් ලබාදීම වෙනුවෙන් අපගේ උපායමාර්ගික පිවිසුම වෙනුවෙන් මෙම සම්මානයෙන් ඉහළ ඇගයීමක් ලැබුණා.
නව්‍යකරණයන් සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් රක්ෂණ විසඳුම් ලබාදීමට දරණ කැපවීම ජනශක්ති ලයිෆ් ආයතනයේ සාර්ථකත්වය ගොඩනගන මූලික පදනමයි. ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් පුළුල් කිරීම හරහා ජනශක්ති ලයිෆ් විසින් රක්ෂණ ක්‍රියාවලිය සරල කිරීමට සහ පාරිභෝගිකයන්ට තමන්ගේ රක්ෂණ සේවාවන් ඩිජිටල් ඔස්සේ භාවිතය පහසු කිරීමට හඳුන්වාදුන් අසමසම ඩිජිටල්කරණ එළඹුම මඟින් ජනශක්ති ලයිෆ් තව තවත් සිය අනාගතවාදී ගමන සහතික කරයි.
නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉදිරියට යන රක්ෂණ ක්ෂේත්‍රය තුළ ජනශක්ති ලයිෆ් සිය සීමා මායිම් පුළුල් කරමින් පාරිභෝගිකයා වෙත අසමසම රක්ෂණ සේවාවක් ලබාදීමට නොපසුබටව ක්‍රියාකරයි. රක්ෂණ ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් සිදුකරමින් පාරිභෝගික ප්‍රසාදය ලැබෙන සේවාවක් ලබාදීම වෙනුවෙන් කළ කැපවීම ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ 2023 සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වය ලැබීම මඟින් වඩාත් තහවුරු වෙයි.
Video Story