October, 13, 2022
රු. ලක්ෂයක සීමාව ඉක්මවා මාසික ආදායමක් ලබන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කෙරෙන ආකාරය පිළිබඳ සටහනක් මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන Capital Alliance සමාගම විසින් තබා ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ තබා ඇති මෙම සටහනට අනුව රු. 100,000 ක් දක්වා මාසික ආදායමක් ලබන අය බදු අය කිරීමට යටත් වන්නේ නැත.
රු. දෙලක්ෂයක වැටුපක් ලබන්නෙකු මීට පෙර ආදායම් බදු සඳහා යටත් නොවූ අතර නව බදු යෝජනා යටතේ ඔහුට රු. 10,500 ක බද්දක් ගෙවීමට යටත් වනු ඇත.
නව බදු යෝජනා අනුව ඉතා ඉහළ ආදායම් ලබන්නන් හට වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බව සටහන් වේ.
නිදසුනක් ලෙස රු. 1,400,000 ක මාසික ආදායමක් ලබන්නෙකු හට පැරණි බදු ක්‍රමය යටතේ ගෙවිය යුතුව තිබුණු රු. 162,000 ක බද්ද රු. 430,500 ක් දක්වා රු. 268,500 කින් ඉහළ ගොස් තිබේ.
Capital Alliance සමාගම විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබූ එම සටහන පහතින් දැක්වේ.

Video Story