උකස්, කල්බදු මූල්‍යකරණ, සමාගම් ඇතුළු පනත් රැසක් ඊයේ සිට බලාත්මකයි

    April, 2, 2024

    පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට තමා විසින් ඊයේ (01) සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
    සුරක්ෂිතලත් ගනුදෙනු, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන) සහ සමාගම් (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.
    ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 17 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත, 2024 අංක 18 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත, 2024 අංක 19 දරන භාර ලදුපත් (සංශෝධන) පනත, 2024 අංක 20 දරන උකස් (සංශෝධන) පනත, 2024 අංක 21 දරන කල්බදු මූල්යකරණ (සංශෝධන) පනත, 2024 අංක 22 දරන දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත සහ 2024 අංක 23 දරන සමාගම් (සංශෝධන) පනත ලෙස ඊයේ (01) සිට බලාත්මක වේ.