උගන්ඩාවේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට‍

    August, 28, 2023

    උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එලිජා ඔකුපා (Elijah Okupa) සහ අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා (අගෝ. 24) පාර්ලිමේන්තුවේදී හමු වූහ.

    2024 ජනවාරි මස උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයාට මෙහිදී ආරාධනා කළහ.

    එමෙන්ම දෙපාර්ශවය මෙහිදී උගන්ඩා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ සුහද සාකච්ඡාවක ද නිරතවිය.