උඩ ගිය කොටස් වෙළෙඳපොළ යළි බිමට. ඉතිහාසයේ දරුණුම කඩාවැටීම අද. සියලු කොටස් ඒකක 561 කින් පහළට

    February, 2, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩාවැටීමක් අද (02) දින වාර්තා විය.

    මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 561.75 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,005.32 ක් ලෙසින් සටහන් ව තිබුණි. මෙය 6.56% ක පහළ යාමකි.

    මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම ලෙසින් මෙය වාර්තා වේ. 2020 ඔක්තෝබර් 05 දින තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 ක පහළ යාමේ වාර්තාව, අද දින මෙම කඩා වැටීමත් සමග අලුත් විය. එසේම තනි දිනක් තුළ ඒකක 500 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

    අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6.93 කි.

    මේ අතර සමාගම් 222 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පෙර දිනයට සාපේක්ෂව පහළ යාම විශේෂත්වයකි. දිනය තුළ මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් කොටස් 10 ක පමණි.