February, 21, 2024
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උඳු, මුං ඇට, කව්පි, බඩ ඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කරනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු යාවත්කාලීන කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එක් එක් ධාන්‍ය වර්ගය සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද බලපැවැත්වෙන ආකාරය පහත පරිදි වේ.

මේ අතර බඩ ඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
මෙම නියමයන් 2024 පෙබරවාරි 20 දින සිට 2024 දෙසැම්බර් 31 දින දක්වා වලංගුව පැවතිය යුතු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story