උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල අඩු කිරීම් රැසක් සමඟින් Daraz 5.5 ‘Best Price Sale’ ආරම්භ වෙයි

    May, 7, 2026

    පාරිභෝගිකයින්ට 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, බැංකු කාඩ්පත් දීමනා, 'Brand Rush Hour' විශේෂ මිල අඩු කිරීම් සහ නවතම භාණ්ඩ හඳුන්වාදීම් රැසක් මෙහිදී හිමිවේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ පොළ වන Daraz Sri Lanka, සිය පාරිභෝගිකයින්ට උපරිම වාසි සැලසෙන පරිදි "Get the Big One" තේමාව යටතේ 5.5 Best Price Sale ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර තිබේ. එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, රූපලාවන්‍ය නිෂ්පාදන, නවීන විලාසිතා, විද්‍යුත් උපකරණ සහ ගෘහ භාණ්ඩ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා ඉහළ ඉතිරියක් අත්කර දීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මැයි 4 වන දින රාත්‍රී 8:00 සිට මැයි 9 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත් Daraz හි ජනප්‍රියතම භාණ්ඩ කාණ්ඩ රැසක් සඳහා ලබා දී ඇත. විශේෂයෙන්ම, ආරම්භක දින රාත්‍රියේ පළමු පැය හය ඇතුළත තෝරාගත් භාණ්ඩ සඳහා අමතර 10%ක වට්ටමක් ද පාරිභෝගිකයින්ට හිමි වේ.

    මීට අමතරව, ComBank, NTB Amex සහ Mastercard මගින් ගෙවීම් කිරීමේදී 20%ක වට්ටමක් ද, KOKO හරහා ගෙවීම් කිරීමේදී 20%ක වට්ටමක් ද ලබාගත හැක. තවද, VMax වවුචර්පත් හරහා හිමිවන අමතර 15%ක වට්ටම, KOKO හෝ බැංකු දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කරමින් තෝරාගත් භාණ්ඩ සඳහා අසමසම වාසියක් අත්කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇත.

    මෙම වර්ෂයේ වැඩසටහනට ප්‍රමුඛ පෙළේ සන්නාම 50කට අධික සංඛ්‍යාවක් 'Brand Rush Hour' යටතේ දායකත්වය සපයයි. ඒ අතර British Cosmetics, Cetaphil, Janet Ayurveda, COSRX, Budget Diapers, Orion XO Exclusive, Dreamron, Bellose, Swadeshi, MuscleBlaze, Plum, Mamaearth, Marvel Marketing (Pvt) Ltd, Sunshine Healthcare Lanka Ltd, clara essential oils, Global Diapers, Nuts & Co, Spa Ceylon Luxury Ayurveda, Herbal Bliss LK, NUTTY FRUTYS, Philips, Ancient Nutraceuticals (Pvt) Ltd., LuvEssence, Shello, A1nutralab, EcoX Pets, Sure Skin, සහ Wickramaratne Pvt Ltd යන සන්නාමයන් ප්‍රධාන වේ.

    තාක්ෂණික අංශයෙන් ද සුවිශේෂී හඳුන්වාදීම් රැසක් මෙහිදී සිදු කෙරේ. ඒ අනුව නවතම MacBook Neo වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර, WICKS සන්නාමයේ සමස්ත විද්‍යුත් උපකරණ එකතුව ද Daraz වෙත එක් කර ඇත. තවද iPhone 17, iPhone 17 Pro Max, iPad 11, Apple Watch 10 සහ AirPods Gen 4 වැනි ඉහළ පෙළේ උපාංග සඳහා VMax සහ KOKO හරහා සුවිශේෂී 'Best Price' මිල ගණන් ද පිරිනමා ඇත.

    Daraz 5.5 Best Price Sale පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා මෙසේ පැවසීය: "5.5 Best Price Sale සැලසුම් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයින් Daraz වෙතින් අපේක්ෂා කරන ඉහළම ගුණාත්මකභාවය සහ අවම මිල ගණන් කේන්ද්‍ර කර ගනිමිනුයි. රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, බැංකු සහ KOKO දීමනා මෙන්ම නවතම භාණ්ඩ හඳුන්වාදීම් හරහා පාරිභෝගිකයාට උපරිම වටිනාකමක් ලබා දීමට අප මෙවරත් කටයුතු කර තිබෙනවා."

    පාරිභෝගිකයින්ට මෙම විශේෂ දීමනා මැයි 4 රාත්‍රී 8:00 සිට මැයි 9 දක්වා Daraz ජංගම දුරකථන යෙදුම හෝ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.