උපායමාර්ගික හවුල්කාරීත්වයක් මගින් ඊසොෆ්ට් ලන්ඩන් උපාධි ශී‍්‍ර ලංකාවට ගෙනෙයි

    November, 2, 2015

    උපාධි පාඨමාලා හැදෑරීමට අපේක්‍ෂා කරන ශ‍්‍රී ලංකාවේ සිසුන්ට දැන් මහා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඊසොෆ්ට් (ESOFT) මාර්ගයෙන් තුන් අවුරුදු බි‍්‍රතාන්‍ය උපාධියක් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත. ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ සුවිශේෂී උපායමාර්ගික හවුල්කරුවෙකු වන ඊසොෆ්ට් ආයතනය මෙමගින් උපාධි අපේක්‍ෂකයින්ට අවශ්‍ය පරිදි විද්‍යාවේදී (ගෞරව), පරිගණක, ඉංජිනේරු විද්‍යා මෘදුකාංග ඉංජිනේරු (ගෞරව) සහ ව්‍යාපාර පරිපාලන (ගෞරව) උපාධි පාඨමාලා හදාරා අන්තර්ජාතික මට්ටමේ උපාධි ලබාගැනීමට අවකාශ සැලසයි.

    ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය ලන්ඩනයේ පිහිටි විශාලතම තනි විශ්ව විද්‍යාලය වන අතර එය 2013 වසරේ සිට ඊසොෆ්ට් ආයතනය සමග හවුල්කාරීව ශී‍්‍ර ලංකාවේ සිසුන්ට උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා ගණනාවක් පිරිනමයි. ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම විසින් පිළිගෙන ඇති අතර මව් විශ්ව විද්‍යාලය සම්පූර්ණ ණයවර හුවමාරුවක් ද සපයයි. උපාධි පාඨමාලාවල දේශන පවත්වන කථිකාචාර්යවරුන්ගේ සුදුසුකම් හා ප‍්‍රවීණත්වය මෙම එක්සත් රාජධානිය මුල්කොට ගත් විශ්ව විද්‍යාලය මගින් පරීක්‍ෂා කර අනුමත කොට ඇති අතර ඔවුන් ලොව පුරා ඇතැම් උසස්ම ප‍්‍රතිඵල ශී‍්‍ර ලංකාවෙන් අත්කරගැනීමට ඉතා දීර්ඝකාලීනව වැඩකිරීමෙන් නමක් දිනා ඇත.

    ඊසොෆ්ට් ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා පැවසුවේ ”ශිෂ්‍යයන් වෙනුවෙන් එච්එස්බීසී (HSBC) ක්‍රෙඩිට් කාඞ් පත් පිරිනැමීම ඇතුළු මූල්‍ය සහන සහ විශේෂ ණය හා ගෙවීමේ සැලසුම් සකස්කොට ඇත. අ.පො.ස. උසස්පෙළ විභාගයේදී විශේෂ දක්‍ෂතා දැක්වූ සහ සුවිශේෂී අධ්‍යයන කාර්යසාධනයකින් යුත් සිසුන්ට කුසලතා පදනම් කරගත් ශිෂ්‍යත්ව පිරිණැමේ. අවශ්‍ය පරිදි අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනයක් සහ උසස් තත්ත්වයේ පහසුකම් සැපයීමෙන් ඉදිරියට අධ්‍යාපනයේ නියැලීමට ශිෂ්‍යයින් හැඩගස්වමින් ඔවුන්ගේ අධ්‍යාපනන දැනුම ප‍්‍රායෝගික දැනුමකට සහ නිපුණතාවලට පරිවර්තනය කරගැනීමටත් හැකියාව ලැබේ. සාකල්‍ය අධ්‍යාපනයක් කෙරෙහි අවධානය යොමුකොට ඇති ඊසොෆ්ට් ආයතනය සිසුන්ට ස්වකීය අවසන් වසරේදී වැඩහුරුවක් ලබාගැනීමට සහයවන අතර සුවදායි වැඩ-අධ්‍යයන තුලනයක් ඇතිව සති අන්තයට පන්ති වෙන්කර ගැනීමට නම්‍යශීලීව අවස්ථාව ලබාදෙයි.

    වසර 15 ක අධ්‍යාපන අත්දැකීම්වලින් පිරිපුන් ඊසොෆ්ට් ආයතනය, ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම උසස් අධ්‍යාපන ජාලය වශයෙන්, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය, ව්‍යාපාර කළමනාකාරීත්වය, ඉංගී‍්‍රසි භාෂාව, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය සහ ඉංජිනේරු වැනි විෂයන් ගණනාවක් ඉගෙනගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. දිවයින පුරා ප‍්‍රධාන ස්ථාන 45 ක විශ්ව විද්‍යාල මණ්ඩප සහ විද්‍යායතන පවත්වාගෙන යන මෙම ආයතනය වසරකට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව තිස්දහසක් පමණ වේ. ඊසොෆ්ට් නාගරික විශ්ව විද්‍යාල මණ්ඩපය ක‍්‍රමානුකූල අධ්‍යාපන වැඩපිළිවෙලක් මගින් කීර්තියට පත් හා පිළිගැනීමට ලක්වු සුදුසුකම් සහ සුපිරි අධ්‍යාපනයක් පිරිනැමීමට කැපවී සිටී.

    ඊසොෆ්ට් ආයතනයේ සියලුම ප‍්‍රධාන ශාඛාවල දේශන ශාලා හා කි‍්‍රයාකාරකම් සඳහා වන කාමර විශ්ව විද්‍යාල ප‍්‍රමිතිවලට අනුකූලව ඉදිකර ඇත. ඒවායේ ඉගැන්වීම සඳහා අවශ්‍ය බහුමාධ්‍ය උපකරණ සවිකොට ඇත. නවීන උපකරණවලින් යුත් පරිගණක විද්‍යාගාර, පුස්තකාල, සම්පත් මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය කි‍්‍රයාකාරකම් සඳහා වෙන්කෙරුණු ඉඩකඩ මෙම විශ්ව විද්‍යාල මණ්ඩපවල ප‍්‍රධාන ලක්‍ෂණයි.

    සියළුම අධ්‍යාපන වැඩසටහන්වලදී උසස් තත්ත්වයේ දේශන පැවැත්වීම සහ ඉතාමත් ඉහළ මට්ටමේ පහසුකම් ලබාදෙමින් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඇතුළුවීමේ සිට ඊසොෆ්ට් ආයතනය සිසුන්ට සහාය දෙයි. වෘත්තීය සුදුසුකම් මෙන්ම දේශීය සහ අන්තර්ජාතික උපාධි පාඨමාලා පවත්වන ඊසොෆ්ට් ආයතනය ලබාඇති අත්දැකීම් සහ උසස් තත්ත්වයක අධ්‍යාපනයක් ලබාදීමට දක්වන කැපවීම ගතවූ වසර කීපය මුළුල්ලේ එය ලබා ඇති හවුල්කාරීත්ව මගින් පෙන්නුම් කෙරේ. ඒවා නම් A Gold Partner and Accredited Course Provider for BCS: The Charted Institute of IT: A Gold Partner for Pearson Edexcel, UK; the largest provideE for BIT, University of Colombo School of Computing and is the largest course provide in the world for BCS HEQ.

    ඡායාරූපය - ආචාර්ය දයාන් රාජපක්ෂ/ සභාපති, කළමනාකාර අධ්‍යක්‍ෂ - ඊසොෆ්ට්