June, 20, 2024
ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව, 2024-04-28 හා 29 දිනවලදී සෞදි අරාබියේ රියාද්හි පැවති ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම අතරතුරදී අදාළ අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද බවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
Video Story