එක් අයෙකුට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල රජයේ ආයතනයක් නිල වශයෙන් කියයි

    April, 19, 2022

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම නිල දරිද්‍රතා සීමා සටහන දිස්ත්‍රික්ක අනුව නිකුත් කර ඇත.

    2022 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති එම සටහනට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,972 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇති බව සඳහන් වේ.‍

    මේ වන විට නිකුත් කර ඇති ජාතික මට්ටමේ නිල දරිද්‍රතා සටහනට අනුව එම අගය වාර්තා වන අතර එක් එක් දිස්ත්‍රික්ක අනුව ද අදාළ අගයෙහි වෙනස්කම් සිදුව තිබේ.

    මෙම ලේඛනයට අනුව දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම මුදලක් වැය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයෙකුටයි. එය රු. 6,482 කි.

    මෙම සටහනේ අඩුම අගයයක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.

    එහි දැක්වෙන ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීමට එක් මාසයක් සඳහා රු. 5,623 ක් ප්‍රමාණවත් වනු ඇත.

    මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.