‘එටිසලාට් මැජික් SIM’ වෙතින් වටිනා තෑගි රැසක්

    October, 29, 2015

    කලක් භාවිතා නොකළ එටිසලාට් සිම් පත දුරකථනයට ඇතුළත් කර 6262 අමතා ඔබත් තරඟයට එක්වන්න

    කලකින් භාවිතා නොකළ එටිසලාට් සිම් කාඞ්පත් නැවත සක‍්‍රීය කරගන්නා පාරිභෝගිකයන්ට ක්ෂණික තෑගි මෙන්ම මහා දිනුම් ඇදීම්වලින් වටිනා තෑගි රාශියක් ලබාදීමට මේ වනවිට එටිසලාට් ලංකා සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිසියම් කාලයක් තම එටිසලාට් සිම් පත භාවිතා නොකළ පාරිභෝගිකයෝ එම සිම් නැවත සක‍්‍රීය කරගැනීමේදී මෙසේ ත්‍යාග සඳහා සුදුසුකම් ලබති. LED රූපවාහිනී යන්ත‍්‍ර හා DVD යන්ත‍්‍ර වැනි වටිනා ත්‍යාග මෙන්ම බෝනස් කතා කාලයන් වැනි ක්ෂණික ත්‍යාග විශාල ප‍්‍රමාණයක්ද මේ ඔස්සේ පාරිභෝගිකයන්ට හිමි වේ. වෙනස්ම ආකාරයක අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක් වන මෙම වැඩසටහනට දැනටමත් පාරිභෝගික ප‍්‍රතිචාර ගලා එමින් තිබෙන අතර මේ ඔස්සේ දිනපතාම වාසනාවන්තයන් හා වාසනාවන්තියන් බිහිකිරීමට එටිසලාට් ලංකා සමත් වී ඇත.

    මෙම වටිනා ත්‍යාග දිනාගැනීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ කලකින් භාවිතා නොකළ එටිසලාට් සිම් කාඞ්පත් සිය ජංගම දුරකථනයට ඇතුළත් කිරීම පමණි. ඉන් අනතුරුව එම දුරකථනයෙන් 6262 අමතා තමන්ට හිමිවූ තෑගි මොනවාදැයි දැනගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

    මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ වැඩසටහන පැවැත්වෙන කාලය තුළ සක‍්‍රීය කරගනු ලබන සෑම එටිසලාට් මැජික් SIM එකක් සඳහාම අවසන් මහා දිනුම් ඇදීමට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් හිමි වීමයි. එමෙන්ම මේ යටතේ මසකට වරක් බැගින් මාස 3 ක කාලයක් පුරා පැවැත්වෙන මහා දිනුම් ඇදීම්වලින් LED රූපවාහිනී යන්ත‍්‍ර, DVD යන්ත‍්‍ර, ට‍්‍රැවලින් බෑග්, කුඩ, T-Shirt සහ කැප් තොප්පි ඇතුළු අගනා වටිනා ත්‍යාග රාශියක්ද දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වේ.

    ඒ නිසා තමන් සතුව ඇති, කලකින් භාවිතා නොකළ එටිසලාට් සිම්පත් තම දුරකථනයට ඇතුළත් කොට මෙම තෑගි හා දීමනා හිමිකරගැනීම සඳහා හැකි ඉක්මනින් සුදුසුකම් ලබාගන්නා ලෙස එටිසලාට් ලංකා සමාගම සියලූම පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටී.