එමිරේට්ස්, දරුවන් වෙනුවෙන් අළුත් සෙල්ලම් බඩු මාලාවක් හඳුන්වා දෙයි

    November, 24, 2015

    එමිරේට්ස් විසින් කුඩා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන Fly with Me Animals සෙල්ලම් බඩු මාලාවේ නවතම එකතුවක් සහ අවුරුදු 06 ත් 12 අතර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සැලසුම් කර නිපදවන ලද Fly with Me Lonely Planet ක්‍රියාකාරකම් බෑග් එළිදක්වා තිබේ. එළඹෙන නිවාඩු සමයේ සිට මෙම අළුත් සෙල්ලම් බඩු එම්රේට්ස් ගුවන් යානා තුළදී දරුවන්ගේ සතුට සහ විනෝදය වෙනුවෙන් හිමිවනු ඇත.

    එමිරේට්ස් විසින් හඳුන්වා දී තිඛෙන නව සෙල්ලම් බඩු සමාගමේ ළදරු නිෂ්පාදනවල අළුත් පියවරක් වන අතර මේවා හඳුන්වා දී තිඛෙන්නේ එමිරේට්ස් විසින් මීට පෙර හඳුන්වා දුන් Fly with Me Monsters යන නිෂ්පාදන පෙළ වෙනුවටයි. මෙම සෙල්ලම් බඩු කුඩා ළදරුවන්ට සහ අවුරුදු අටක් දක්වා දරුවන්ට සතුට විනෝදය මෙන්ම අධ්‍යාපනය ලබාදෙන ආකාරයෙන් සැලසුම්කර නිර්මාණය කර තිබීම කැපී පෙනේ. මෙම සෙල්ලම් බඩු වලට යොදාගත් සෑම සත්ත්වයෙකුම කැපී පෙනෙන කළාපයක් නියෝජනය කරන අතර ළමුන්ට මෙම සතුන්ගේ වාසස්ථාන පිළිබඳව වැඩිදුර අධ්‍යනය කිරීමට අවස්ථාවද මින් හිමිවනු ඇත.

    මෙම සෙල්ලම් බඩු මාලාව යටතේ මුලින්ම ඉදිරිපත් කරනු ලබන සතුන් වන්නේ අප්‍රිකාවේ ‘ලූවිස්‘ සිංහයා, චීනයේ ‘පීක් යූ‘ පැන්ඩා, ලතින් ඇමරිකාවේ ‘එන්රිකෝ‘ වඳුරා සහ මැදපෙරදිග ‘ලෙයිලා‘ ඔටුවායි. සෑම මාස හයකටම වරක් Fly with Me Animals හතර දෙනෙකු අළුතින් හඳුන්වා දීමට නියමිතය.

    “එමිරේට්ස් සමග සෑම වසරකම දරුවන් මිලියන 04 කට වැඩි සංඛ්‍යාවක් සංචාරය කරන අතර මොවුන් අපගේ ඉතාමත් වැදගත් ගනුදෙනු කරුවන් පිරිසක්. ගුවන් යානා තුළ දරුවන් සතුටින් තබාගැනීම දෙමව්පියන්ට කොතරම් අභියෝගයක්දැයි අපි දන්නවා. මේ නිසා, සෙල්ලම් බඩුවල සිට දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ආහාර යන සෑම අංශයක් කෙරෙහිම අපි අවධානය යොමුකරන්නේ ඔවුන්ට සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදෙන්නයි. පවුලේ සමාජිකයින්ට සැහැල්ලූ ගමන් අත්දැකීමක් ලබාදීමට අපි කැපවී සිටිනවා“, යනුවෙන් එමිරේට්ස් ගුවන් සමාගමේ විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීී, අඩෙල් අල් රෙඩ්හා මහතා පැවසීය.

    Fly with Me Animals සෙල්ලම් බඩු වලට අමතරව සංචාරය කරන දරුවන් වෙනුවෙන් ක්‍රියාකාරකම් බෑගයන් නිර්මාණය කිරීමට එමිරේට්ස් Lonely Planet සමග ඒකාබද්ධව තිබේ. Fly with Me Lonely Planet නිෂ්පාදන විවිධ ස්වරූප හතරක් යටතේ පැමිණෙන අතර මින් දෙකක් විශේෂයෙන්ම සැලසුම්කර නිෂ්පාදනය කළ Retro-Style Rucksacks වන අතර ඉතිරි දෙක Cool Bags වේ. මෙම නිෂ්පාදන සෑම මාස 12 කටම වරක් අළුත් කරනු ලබයි.