එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සිය ශාඛා ජාලය පුළුල් කරමින් මාලඹේ නගරයට පිවිසෙයි

    January, 12, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය වසර 100යක් ඉක්මවූ දැක්ම වඩාත් පුළුල් කරමින් නවතම ශාඛාවක් පසුගියදා මාලඹේ නගරයේදී විවෘත කරන ලදී. අංක 888, අතුරුගිරිය පාර, මාලඹේ දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව චාරිත්‍රානුකූලව විවෘත කරන ලද්දේ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ විසිනි.

    නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව හරහා, මාලඹේ ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට අගනා සේවාවක් සැපයීමට එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය සූදානමින් සිටී. එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ප්‍රදර්ශනාගාර මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවණ නිපැයුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම නවීන ප්‍රදර්ශනාගාරයදී  Michael Kors, Prada, Gucci, Vogue, Ray Ban, Polo Ralph Lauren, PolarSun  වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිළි රැසක්ම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් හට පවතී. තත්වයෙන් ඉතාමත් උසස් ප්‍රංශයේ එසිලර් කාච ඇතුළු විවිධ වර්ගයේ ඇස් කණ්ණාඩි කාච ද මෙහිදී ලබා ගැනීමේ හැකියාව තිබේ. තවද අක්ෂි පරීක්ෂණ සඳහා උපයෝගී කර ගැනෙනා උසස්ම තාක්ෂණයේ යන්ත්‍රෝපකරණයන් ගෙන්ද මෙම ශාඛාව සමන්විත වෙයි. මෙහිදී ඔබට ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප්‍රචලිත  Beltone ශ්‍රවණාධාර ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

    ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරනා පුරෝගාමියෙක් වන එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, ශ්‍රවණාධාරක සහ ශ්‍රවන පරීක්ෂණ පාරිභෝගිකයන් හට ලබාදීමට කටයුතු කරයි.