ඔඩෙල් වෙතින් තලවතුගොඩට පරිපූර්ණ සාප්පු සවාරි අත්දැකීමක්

    November, 13, 2015

    මෙරට 21 වන ඔඩෙල් ශාඛාව කැපිටල් මෝල්හි, විවෘත කරමින් නවතම විලාසිතා සහ සුපිරි සන්නාම ඉදිරිපත් කරයි

    ඔඩලේ විලාසිතා ජාලයට පමණක් ඉදිරි පත්කළ හැකි සියල් සපිරි සාප්පු සවාරි අත්දැකීමක් තලවතුගොඩ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවටද ලබාදීම වෙනුවෙන් මාදිවෙල පාරේ පිහිටි කැපිටල් මෝල් ගොඩනැගිල්ලේ පරිපූර්ණ ඔඩෙල් ශාඛාවක් විවෘත කර තිබේ.

    වර්ග අඩි 14,000 ක ඉඩක විහිදෙන මෙම නව ශාඛාව සුවිශේෂී දේශීය විලාසිතා ජාලයක් වන ඔඩෙල් විසින් මෙරට පිහිටවූ 21 වන ශාඛාව වන අතර එය ඔඩෙල් සහ සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් උත්සවාකාරයෙන් පසුගියදා විවෘත කරන ලදී. ඔඩෙල් සන්නාමය සහ එහි ශාඛා ජාලය අයත් වන්නේ සොෆ්ට්ලොජික් සමූහයටයි. මෙම නව ශාඛාව ආරම්භ කර තිඛෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේදී තලවතුගොඩ කැපිටල් මෝල්හි, සමාගම විසින් පිහිටවූ වර්ග අඩි 900 කින් යුතු ‘ඔඩෙල් හෝම්‘ ශාඛාව වෙනුවටය.

    කැපිටල් මෝල් ගොඩනැගිල්ලේ පළමු මහලේ මෙම නව ඔඩෙල් ශාඛාව පිහිටා තිඛෙන අතර මෙහි ඔඩෙල් සම්පූර්ණ සාප්පු සවාරි අත්දැකීම ලබාදීම වෙනුවෙන් ඔඩෙල් සතු ප්‍රධාන අංශ ස්ථාපිත කර ඇත. මේ අනුව, කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම්, ළමා ඇඳුම්, අත් බෑග් සහ සපත්තු, ඔරලෝසු අංශය, බැක්ස්ටේජ් (ආයිත්තම්), කාන්තා යට ඇදුම්, ගමන් මළු, ඩිලයිට් (රස කැවිලි), ඔඩෙල් හෝම්, ක්‍රීඩා ඇඳුම් සහ Exclusive Lines අලෙවි සැල යටතේ ඉදිරිපත් කරන සන්නාම මෙහි අලෙවි කෙරේ.
    මීට අමතරව, ක්‍රීඩා ඇඳුම් අංශයේ ජාත්‍යන්තර කීර්තියට පත් සන්නාම වන Nike, Jockey, Li-Ning, Canterbury සහ Pin High මෙහි අලෙවි කරන අතර ළමා ඇඳුම් අංශයේ Mothercare සහ Allen Solly මෙහි අලෙවි කරයි. එසේම, සන්නාමකරණය කළ ඇඟලූම් අංශයේ Arrow, US Polo, Pepe, Levis, Dockers, Giordano, Louis Philippe සහ Van Heusen මෙන්ම අවු කන්නාඩි අංශයේ Luxottica නැමති කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමද තලවතුගොඩ ඔඩෙල් ශාඛාවේ අලෙවි කරයි.

    මෙම ඔඩෙල් ශාඛාවට පැමිණෙන පාරිභෝගිකයින්ට Softlogic Max විසින් අලෙවි කරන ලොව හොඳම සන්නාම සහිත ඉලෙක්ට්‍රොනික උපකරණ මාලාවක් මිලදීගැනීමේ අවස්ථාවද හිමිවන්නේ අලෙවි සැලක් තුළ අලෙවි සැලක් යන සංකල්පය යටතේයි. මේ අනුව, ලෝක පූජිත සන්නාම වන Panasonic, Samsung, Whirlpool, Candy, Xerox, Microsoft ඇතුළු ශ්‍රී ලංකාව තුළ ඛෙදාහැරීමට සොෆ්ට්ලොජික් සමාගමට බලය හිමි තවත් බොහෝ සන්නාම යටතේ වන ඉලෙක්ට්‍රොනික උපකරණ ආකර්ශනීය දීමනාවන් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම යටතේ මෙහිදී මිලදීගත හැකිය. LED රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, හෝම් තියටර් සිස්ටම්, මුළුතැන්ගෙයි උපකරණ, ජංගම දුරකතන ඒකක, ලැප්ටොප් පරිගණක මෙම නිෂ්පාදන පෙළට අයත් වන භාණ්ඩ කිහිපයක් පමණි.

    “මෙම නව ශාඛාව විසින් අනුගමනය කර තිඛෙන්නේ විශාල ප්‍රමාණයේ Department store සංකල්පය වන අතර මේ තුළින් ඔඩෙල් සහ සොෆ්ට්ලොජික් ශක්තිය පිළිඹිබු වෙනවා. මෙම ශාඛාව මගින් ඉලක්ක කරන්නේ තලවතුගොඩ, පැලවත්ත සහ මාදිවෙල යන ප්‍රදේශවල සිටින ඉහළ පාරිභෝගික කණ්ඩායමයි. සතියේ දින හතේම උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාරිභෝගිකයින්ට මෙම ශාඛාවෙන් මිලදීගැනීම් කළ හැකියි“, යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    සේයාරුවෙන් දැක්වෙන්නේ තලවතුගොඩ කැපිටල් මෝල්හි පිහිටා තිඛෙන නව ඔඩෙල් ශාඛාවයි.