April, 15, 2026
එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් ලබාදෙන ප්රතිලාභ අවභාවිත කරන හෝ වෙනත් ආකාරයකින් ඒවා මත යැපෙන විදේශ අමුත්තන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ ප්රතිලාභ අනිසි ලෙස භාවිතා කරන සංක්රමණික-නොවන වීසා හිමියන්ට ඔවුන්ගේ වීසා බලපත්ර අවලංගු කිරීමට සහ අනාගත වීසා බලපත්ර සඳහා නුසුදුසු කිරීමට මුහුණ දීමට සිදුවිය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද එක්සත් ජනපදයට පැමිණෙන විට ඔබේ වියදම් ඔබ විසින් ම දැරීමට සූදානම් බවට වග බලා ගන්නා ලෙස මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.
Video Story