ඔරායන් තරු පන්තියේ සැලැස්මට කොළඹට තට්ටු 22 ක අළුත් නගරයක්

    September, 18, 2015

    තට්ටු 22 කින් සමන්විතව කොළඹ 09 බේස්ලයින් පාර ආසන්නයේ වර්ග අඩි 550,000 ක ඉඩ පහසුකම් සහිතව අංශ රැසක සේවය කරන 6000 කට අධික වෘත්තිකයින්ට ඉඩකඩ වෙන්වන පරිදි සැලසුම් කර තිබෙන “ඔරායන් සිටි ටවර්ස්“ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

    කොළඹ නගරය තුළ තවත් කුඩා නගරයක් යන තේමාවෙන් මෙම දැවැන්ත ගොඩනැගිල්ල ඉදිකරන්නේ නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත පරිසර හිතකාමී තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙසයි.

    2009 වසරේදී මෙරටට පළමු වරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් හඳුන්වා දුන් ඔරායන් ඩෙවලොප්මන්ට් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

    “ඔරායන් සිටි ටවර්ස්“ භාවිතා කරන්නන් සඳහා මෙහි ව්‍යායාම ශාලා, සුපිරි වෙළඳ සැල්, ආපනශාලා සහ හෝටල් ඉදි කෙරේ.

    මෙම පරිශ්‍රයේ බුටික් වර්ගයේ හෝටලයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70 කට ආසන්න වන අතර පළමු අදියර 2017 අවසන් වනවිට නිම කිරීමට නියමිතය.