ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ඉහළ නංවා ගනිමින් වසංගතය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය සාර්ථකව ඉදිරියට

    December, 1, 2021

    කොවිඞ්-19 වසංගතය වැනි පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කළ තත්වයකදී යම් කර්මාන්තයක් දක්වන ප‍්‍රතිචාරය සහ එහි ප‍්‍රතිඵලය එම අභියෝගවලට මුහුණ දෙමින් ඊට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට එම කර්මාන්තයට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය දෙස බැලීමේදී මෙම අදහස කදිමට ගැලපේ.

    Covid-19 ආරම්භක රැල්ල ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බොහෝ අභියෝග එල්ල කළේය. එම අර්බුදය හමුවේ මෙරට ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රතිචාරය එහි දිගුකාලීන තරඟකාරීත්වය වඩාත් ඉහළ නංවා තිබෙන අතර ගෝලීය විලාසිතා කර්මාන්තයේ අනාගතය සහ ක‍්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමේදී එය නැවත ගොඩනැගිය හැකි බව දැන් පෙනී යයි.

    මෙම අර්බුදයට ශ‍්‍රී ලාංකේය ඇඟලූම් ප‍්‍රතිචාරය පිළිබිඹු කරන සාධක දෙකක් කැපී පෙනෙයි. ඉන් එකක් නම් නව්‍යකරණය හා කර්මාන්තයේ වෙනස් වීම්වලට හැඩගැසීමට ඇති හැකියාවයි. අනෙක වන්නේ ඇඟලූම් නිෂ්පාදකයින් සහ ඔවුන්ගේ ගැනුම්කරුවන් අතර සම්බන්ධතාවයේ පදනමයි.

    පවතින තත්වය නිසා අනාගත අපනයන ඇණවුම් මාස හයකට පෙර අවලංගු කරන ලද අතර, මේ නිසා ප‍්‍රායෝගිකව සමාගම්වලට ඉදිරි ඇණවුම් පිළිබඳව කිසිඳු බලාපොරොත්තුවක් නොවීය. Covid-19 සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල (PPE) සඳහා ගෝලීයව ඉහළ ඉල්ලූමක් ඇති විය. එබැවින් නිෂ්පාදකයින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල (PPE) නිෂ්පාදනය කිරීමට අනුගත විය.

    නමුත් බොහෝ හේතු නිසා මෙය අභියෝගාත්මක විය. සෞඛ්‍ය සහ ආරක්ෂිත ක‍්‍රමවේද දැඩි ලෙස පිළිපැදීම හරහා සේවක ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දීම සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුව නිෂ්පාදන අංශයන් වෙනස් කිරීම උදෙසා කලින් සිටි සේවක සංඛ්‍යාවට පහසුකම් සැපයීමේදී දැනට පවතින පහසුකම් ඔවුන්ට අභියෝගාත්මක විය. මීට අමතරව, බොහෝ සමාගම්වලට PPE නිෂ්පාදනය පිළිබඳව අඩු හෝ අත්දැකීම් නොමැති වීම සැලකීමේදී, සේවකයින්ට එය විශේෂයෙන් පුහුණු වීමට ද සිදුවිය.

    මෙම ගැටළු මඟහරවා ගනිමින්, PPE නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර, නිෂ්පාදකයින්ට ආදායමක් ලබා දීමෙන් සමාගම්වලට ඔවුන්ගේ සේවකයින් රඳවා තබා ගැනීමට මෙම කාලය තුළ හැකි විය. ඉන් පසු, නිෂ්පාදකයින් නව්‍යකරණයට පෙළඹිණි. නිදසුනක් ලෙස වෛරසය වළක්වා ගැනීම සඳහා වැඩි කාර්යක්ෂමතාවයක් සහතික කිරීම පිණිස ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු රෙදි නිපදවීම සඳහන් කළ හැකිය. ඒ අනුව මෙරට ඇඟළුම් සමාගම්වලට මාස කිහිපයක් තුළ උසස් තත්වයේ PPE නිෂ්පාදනය කිරීමට හැකි වියx

    විලාසිතා කර්මාන්තය තුළ, පූර්ව-වසංගත සංවර්ධන චක‍්‍රය සාම්ප‍්‍රදායික නිර්මාණ ක‍්‍රියාවලීන් මත රඳා පැවතුනි. එනම්, ගැනුම්කරුවන් ඇඟළුම්/රෙදි සාම්පල ස්පර්ශ කිරීමට සහ දැනීමට කැමැත්තක් දැක්වූ නමුත්, ශ‍්‍රී ලංකාවේ ගැනුම්කරුවන්ගේ කාර්යාල සහ ඇඟළුම් සමාගම් යන දෙකම වසා දැමීමත් සමඟ මෙය තවදුරටත් කළ නොහැකි විය. ත‍්‍රිමාණ සහ ඩිජිටල් තාක්ෂණයන් උපරිම ලෙස උපයෝගී කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිෂ්පාදකයින් මෙම අභියෝගයට මුහුණ දුන්නේය. මෙම ක‍්‍රියාවලිය වසංගතයට පෙර ද පැවති නමුත් එය භාවිතයට ගනු ලැබුවේ අවම වශයෙනි.

    3D තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන සංවර්ධනය එහි උපරිම හැකියාව සහිතව උපයෝගී කරගැනීමේදී එම ක‍්‍රියාවලිය තුළට වැඩිදියුණු කිරීම් රාශියකට ගෙන එන ලදී. ඒ අනුව නිෂ්පාදන සංවර්ධන චක‍්‍රයේ කාලසීමාව දින 45 සිට දින 7 දක්වා 84% කින් විශාල වශයෙන් අඩු කරගැනීමට හැකි විය. මෙම තාක්ෂණය වැළඳගැනීම නිෂ්පාදන සංවර්ධන අංශයේ දියුණුවට ද පහසුකම් සලසන ලදී. ඉන් ඔබ්බට යමින්, ස්ටාර් ගාමන්ට් වැනි ඇඟළුම් සමාගම් සහ අනෙකුත් විශාල ඇඟළුම් සමාගම් ත‍්‍රිමාණ අවතාර (3D avatars) භාවිතයෙන් නිවසේ සිටියදීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් ඡුායාරූප ගැනීම (virtual photoshoots) ආරම්භ කළ අතර, වසංගතය හේතුවෙන් ඇති වූ අගුලූ දැමීමේ තත්වයන් යටතේ සැබෑ ආකෘතීන් සමඟ photoshoots සංවිධානය කිරීම අභියෝගාත්මක විය.

    මෙම ක‍්‍රියාවලිය හරහා නිපදවන ලද පින්තූර අපගේ ගැනුම්කරුවන්ට/වෙළෙඳ නාමවලට ඔවුන්ගේ ඩිජිටල් අලෙවිකරණ ප‍්‍රයත්නයන් අඛණ්ඩව සිදු කරගෙන යාමට උපකාරී විය. වැදගත් කරුණක් නම්, මෙමගින් නිෂ්පාදකයෙකු පමණක් නොව, අවසන් ඇඟලූම් විසඳුම් සපයන්නෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ කීර්තිය තවදුරටත් ශක්තිමත් කිරීමයි.

    Star Garments වැනි ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ප‍්‍රමුඛයන් දැන් virtual ප‍්‍රදර්ශනාගාර වැනි අගය එකතු කළ යෝජනා අත්හදා බලමින් සිටී. මෙමගින් පාරිභෝගිකයින්ට virtual ප‍්‍රදර්ශනාගාරවල ඇති ත‍්‍රිමාණ ආකාරයේ විලාසිතාවන් දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම ප‍්‍රදර්ශනාගාර ගැණුම්කරුවන්ගේ සැබෑ ප‍්‍රදර්ශනාගාරවලට සමානය. ඇඟළුම් සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන සංවර්ධන හැකියාවන් වඩාත් ඵලදායී ලෙස ප‍්‍රදර්ශනය කිරීමට ද එමඟින් හැකියාව ලැබේ.

    මෙරට ඇඟළුම් සමාගම්වල අනුවර්තනය වීමේ හැකියාව සහ නවෝත්පාදනයන් ඔරොත්තු දීමේ හැකියාව, වැඩිදියුණු කළ තරගකාරීත්වය සහ ගැනුම්කරුවන් අතර ක්ෂේත‍්‍රයේ කීර්ති නාමය සහ විශ්වාසය ඉහළ නැංවීමට හේතු විය. කෙසේවෙතත් මෙම ප‍්‍රතිචාරය උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇති අතර ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රය සිය ගැනුම්කරුවන් සමඟ දශක ගණනාවක් තිස්සේ ඇති කරගෙන ඇති උපායමාර්ගික හවුල්කාරීත්වය නොවන්නට එය කළ නොහැකි වනු ඇත.

    මෙරට ඇඟළුම් සමාගම් ගැනුම්කරුවන් විසින් විශ්වාසවන්ත දිගුකාලීන හවුල්කරුවන් ලෙස සැලකීමත් සමඟ විසඳුම් වෙත පැමිණීමට සහයෝගීව කටයුතු කිරීමට ද එය වැඩි අවස්ථාවක් ලබා දුන්නේය. සාම්ප‍්‍රදායික නිෂ්පාදන සංවර්ධනය සහ ත‍්‍රිමාණ නිෂ්පාදන සංවර්ධනයට ඉක්මනින් මාරු වීම මේ සම්බන්ධයෙන් උදාහරණයකි.