කටුනායක ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු කිහිපයක් Access Engineering සමාගමට

    April, 2, 2024

    2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් වෙතින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) II වන අදියර 2 වන පියවර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල (MTB), මගී පාලම් අංක 02 හා මගී පාලම් අංක 03 ඇතුළත් ව්‍යාපෘතියේ හඳුනාගත් කාර්යය යන ඉදිකිරීම් සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී තිබේ.

    තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති ලංසුව ඉදිරිපත් කළ Access Engineering PLC වෙත අදාළ කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.