October, 2, 2023
වසර 75 ක් පිරුණු දේශීය චිත‍්‍රපට කර්මාන්තය මන්දගාමී ගමනක යෙදී සිටි අවස්ථාවක යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත‍්‍රයට ආශිර්වාදයක් එක් කළේය.
දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි.
එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත‍්‍රවත් ප්‍රේම වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත‍්‍රත්වය, කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුලූ ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් ගෙන හැර පෑවේය. විචිත‍්‍රවත් නිර්මාණ නොමැති කළ ප්‍රේක්‍ෂක ආකර්ශණය නැත. ප්‍රේක්‍ෂක ආකාර්ශණය නොමැතිව විචිත‍්‍රවත් නිර්මාණ බිහිකළ නොහැක. මේ උභතෝකෝටිකය මත දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතින යුගයක කදිර දිව්‍යරාජ සිනමාපටය දේශීය සිනමා කර්මාන්තයට එක් කළේ නැවුම් බලාපොරොත්තුවකි.
විචිත‍්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණයවීම ඉතා විරලය. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ලඟාකරගැනීමේ ගැටළුවයි. ප‍්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ගුණාත්මක බවින් යුතු හා ප්‍රේක්ෂකයන්ක මන්මත් කරන විචිත‍්‍රවත් නර්මාණ බිහිකළ යුතුය. දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතින යුගයක සැබෑ ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත යොමුකරන්නේ සිනමා ක්‍ෂේත‍්‍රයට නව ජීවයක් එක් කරමිනි.
මෙම සද්කාර්යය සඳහා ඔහු තම රයිගම් රාජධානියේ ශක්තිය මුසුකරගන්නේ, එම සිනමා සිත්තමේ තේමාවට ගැලපෙන ”රයිගම් දෙවැනි 1” 100% සහල් නූඞ්ල්ස් මහා පාරමිතාවක් ලෙස සම්මාදම් කරගනිමිනි. මීට ඉහත අවස්ථාවල චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය තුළ වෙළඳ සන්නාම ප‍්‍රදර්ශනය තුලින් ඒවාට ප‍්‍රවර්ධනයක් ලබාදුන් අවස්ථා පැවතියද ඍජුව සිනමා නිර්මාණයක් සඳහා ජනප‍්‍රිය පාරිභෝගික භාණ්ඩයක් දායකත්වය සපයන ප‍්‍රථම අවස්ථාව මෙයයි. එය අන්‍යොන්‍ය බැඳීමකි. එම බැඳීම ඉදිරියටද දේශීය සිනමාවේ උන්නතිය සඳහා ඉක්මනින් අලෙවිවන නිෂ්පාදන කාණ්ඩයේ පාරිභෝගික නිෂ්පාදනවල (FMCG) මැදිහත්විමේ පූර්වාරම්භයක් විය හැකිය.
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ මංගල ප‍්‍රදර්ශනයට සමගාමීව චිත‍්‍රපටය නොමිලේ නැරඹීම සඳහා වන දිනුම් ඇදීමක් නිෂ්පාදන කණ්ඩායම සූදානම් කළේය. ඒ ''රයිගම් දෙවැනි 1” - 100% සහල් නූඞ්ල්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහායි. ”රයිගම් දෙවැනි 1” පැකට්ටුවක් මිලදී ගෙන එහි ඇති අත්පත‍්‍රිකාවේ සඳහන් අංකයට කෙටි පණිවුඩයක් එවීම මගින් සතියේ දිනවල දිනපතා දිනුම් ඇදීමෙන් ජයග‍්‍රාහකයින් 12 දෙනෙක් සඳහා කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය නොමිලේ නැරඹීමට ප‍්‍රවේශ පත‍්‍ර දෙක බැගින් හිමි කර දී ඇත. මෙයද ශ‍්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය තුළ සිදුකරන විශාලතම දිනුම් ඇදීමේ තරගය වන අතර චිත‍්‍රපටය තිරගතවන කාල සීමාව පුරා ක‍්‍රියාත්මක වේ.
දිවයින පුරා සිනමාහල් 75ක කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය තිරගත කිරීම ආරම්භ කිරීමත් සමඟම සෑම සති අන්තයකම සියළුම දර්ශන වාර (Houseful) සිනමාශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේය. අති සාර්ථක දින 50 පසු කරන කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය ලක්ෂ 2000ක ආදායම් වාර්ථා තබමින් ශ‍්‍රී ලංකාවේ සිනමා වංශකතාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ බව අවිවාදාත්මක සත්‍යයකි. මෙවන් කාල වකවානුවක ප්‍රේක්ෂකයන් සිනමාශාලා වෙත ගෙන්වා ගැනීම පහසු කාර්යයක් නොවේ. පවතින ආර්ථික අපහසුතා සහ පසුගිය කාලයේ පැවති මහ වර්ෂාව මධ්‍යයේ වුවද කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය නැරඹිම සදහා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් පැමිණීමට චිත‍්‍රපටයේ ගුණාත්මක බව මෙන්ම ෙමි සදහා සිදුකළ ප‍්‍රවර්ධනය ක‍්‍රියාවලිය ද හේතු සාදක විය. කදිර දිව්‍යරාජ චිත‍්‍රපටයත් සම`ග සිනමාශාලා වලට නැවතත් ප්‍රේක්ෂකයන් පැමිණීමේ වර්ධනයක් සිදු වූ බව සිනමාශාලා හිමියන් පවසා සිටිනවා. වැසී ගිය සිනමාශාලා වලට පවා පේ‍්‍රක්ෂක ආකර්ෂනයක් ඇති වූ බව ඔවුන් ප‍්‍රකාශ කළේ ඉදිරි සිංහල සිනමාව පිළිබද නැවුම් බලාපොරොත්තු ඇතිවය.
අති සාර්ථක දින 50 පසු කළ කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය ශ‍්‍රී ලංකාවේ සිංහල සිනමාවට සෙත් පතා 2023 සැප්තැම්බර් 29 වන බිනර පොහෝ දිනය පුරා කතරගම කිරි වෙහෙර පුදබිමේ දී හා කතරගම දේවාල පරිශ‍්‍රයේදී ආශිර්වාද පූජාව, කප්රැක් පූජාව, මහසෙන් පූජාව, ධර්ම සාකච්ඡුාව, අෂ්ඨඵල බෝධි පූජාව පැවැත්වීමට කදිර දිව්‍යරාජ නිෂ්පාදන කණ්ඩායම කටයුතු සූදානම් කර ඇත. මේ සදහා රයිගම් බැතියෙන් ජාතියට පිදෙන දේශීය සහලින් නිෂ්පාදනය කරනු ලබන බතට පමණක් දෙවැනි ”රයිගම් දෙවැනි 1”, 100% සහල් නූඞ්ල්ස් අනුග‍්‍රාහක දායකත්වය දක්වයි. මෙම අවස්ථාවට කදිර දිව්‍යරාජ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළු සමර් වර්මානි සහ ප‍්‍රධාන නිළි සොනක්ෂි සිං රාවත් ඇතුළු ශ‍්‍රී ලාංකීය සියලුම නළු නිළියන් හා ශිල්පීන් සහභාගීවේ. 29 වන බිනර පොහෝ දිනය පුරා පැවැත්වෙන මෙම පිංකම් මාලාව සදහා ඔබ සැමට ද ආරාධනා කර සිටිමු.
Video Story