January, 30, 2024
රට තුළ මේ විට ඉදිකිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති අතර එකී කළුගල් තොග කඩිනමින් ඉවත් කළ යුතුව පවතී.
පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එකී කළුගල් තොග කඩිනමින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබා දීමටත්, කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
Video Story